පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාරයේ ඩී 1 උතුරු ඇළට අයත් ඉපැරණි ගිනිපෙට්ටි පාලම යළි ඉදිකිරීමේ කටයුතු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා...
පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාරයේ ඩී 1 උතුරු ඇළට අයත් ඉපැරණි ගිනිපෙට්ටි පාලම යළි ඉදිකිරීමේ කටයුතු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (07) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ සිට කෙත් බිම් අක්කර දහස් ගණනකට දියවර රැගෙන යන ප‍්‍රධාන ඇළ මාර්ගය වන උතුරු ඇළේ ප‍්‍රධාන ජල පැන්නුම වන ගිනිපෙට්ටි පාලම, ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භයේදී ම ඉදිකරන ලද්දකි. පසුගියදා මෙම පාලම කැඩී යෑම හේතුවෙන් ප‍්‍රදේශයේ ගොවි ජනතාවට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වූ අතර මෙවර කන්නයේ වගා කරන ලද කුඹුරු අක්කර 15,000 කට පමණ ජලය සැපයීම ද ඇණ හිටිණි.
ජනාධිපතිවරයාගේ නියමයෙන් වාරිමාර්ග නිලධාරීන් විසින් ඉතා ඉක්මනින් මෙම පාලමේ කැඩි ගිය කොටස් පිළිසකර කර අවශ්‍ය ජල සැපයීම යථා තත්ත්වයට පත් කළ අතර, පසුව එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිවරයා, එම පාලම නැවත අලුතින් ඉදිකිරීමට කඩිනම් පියවර ගන්නා බවට වූ පොරොන්දුව ඉටුකරමින් මෙලෙස නව පාලම ඉදිකිරීම ආරම්භ කෙරිණි.
මේ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 250 කි.
ඉදිකිරීම් ඇරඹීම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා, එම ස්ථානය නිරීක්ෂණය කිරීමට ද එක්විය.
ඉදිකිරීමට යෝජිත නව පාලමේ සැලැස්ම පිළිබඳව පොළොන්නරුව කලාප භාර වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ. සේවාගම මහතා විසින් ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.
එමෙන්ම ගිනිපෙට්ටි පාලමට සමාන්තරව “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ ඉදිකෙරුණු විකල්ප පාලම ද ඊයේ (07) ජනාධිපතිවරයා අතින් නිල වශයෙන් විවෘත කරනු ලැබීය.
එම අවස්ථාවට එක්ව සිටි ජනතාව සමග ජනාධිපතිතුමා සුහද කතාබහක ද නිරතවිය.
COMMENTS