අ ග්‍රාමාත්‍යවරයා හෙට (04) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා අරලියගහ මන්දිරයට කැඳවීම ව්‍යවස්ථා විරෝධී මෙන්ම ජනතාව නොමඟ යැවීමට කරන කටයුත්ත...
අග්‍රාමාත්‍යවරයා හෙට (04) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා අරලියගහ මන්දිරයට කැඳවීම ව්‍යවස්ථා විරෝධී මෙන්ම ජනතාව නොමඟ යැවීමට කරන කටයුත්තක් බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.
මේ අවස්ථාවේ කැඳවිය යුතුව ඇත්තේ පක්ෂ නායකයින් පමණක් වන බවත් ඔවුන් සමඟ සාකච්ඡා කොට අවශ්‍යය තීරණ ගත හැකි බවත් ඊට පෙර අග්‍රාමාතවරයා දෙවතාවක්ම ඒ ආකාරයට කටයුතු කර බවද අත්තනායක මහතා පෙන්වා දෙයි.
සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාවම කැඳවිය යුතු නම් එය ජනාධිපතිවරයාට කළ හැකි බවත් එය නොකොට භාරකාර රජයේ අග්‍රාමාත්‍යවරයා ගෙන ඇති මෙම පියවර සදාචාර විරෝධී බවද අත්තනායක මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

COMMENTS