ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන “ජනබලය කොළඹට“ ජන රැළිය හේතුවෙන් මරදාන ටෙක්නිකල් මන්සංදියේ සිට කොළඹ කොටුව දෙස මාර්ගයේ දැඩි රථ වාහන...
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන “ජනබලය කොළඹට“ ජන රැළිය හේතුවෙන් මරදාන ටෙක්නිකල් මන්සංදියේ සිට කොළඹ කොටුව දෙස මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා ඇතිවී ඇති බව පොලීසිය සඳහන් කළේය.
විරෝධතාවක් හේතුවෙන් කොල්ලුපිටිය ප්‍රදේශයේ සිට ගාලු මුවදොර දෙසට බරවාහන ඇතුළු වීම සීමා කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ “ජනබලය කොළඹට” විරෝධතාවට සහභාගී වන පිරිස් මේ වන විට කොළඹ නගරයට ළඟා වෙමින් පවතියි.
ඔවුන් රැගත් බස්රථ ස්ථාන 06 ක සිට කොළඹට ලගා වෙමින් පවතින අතර පිටකොටුව බෝ ගහ අසලදී එම පිරිස් විරෝධතාවට එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් ද පිටකොටුව බෝ ගහ අසලදී විරෝධතාවට එක්වන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සදහන් කළේය.
මේ අතර කොළඹ නගරයේ මාර්ග කිහිපයක මේ වනවිටත් රථවාහන තදබදයක් පවතින බව සදහන්ය.
විරෝධතාව හේතුවෙන් කොල්ලුපිටිය ප්‍රදේශයේ සිට ගාලු මුවදොර දෙසට බරවාහන ඇතුළු වීම සීමා කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.
“ජනබලය කොළඹට” විරෝධතා රැළිය කොළඹ ලේක්හවුස් වටරවුමේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
COMMENTS