රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් රථය ඇතුළේ මරා දැමුණේ අමු අමුවේ ගිනි තබා බවත්, එසේ වූයේ රජ පවුලේ කුමාරයකුගේ ගෑනු ළමයකු සමග තාජුඩීන් මිත්‍රවීමට ...
ඒ පෙරේදා (05) පැවති ජන හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ, "සති දෙකකට කලින් අලුත් පනතක් සම්මත වුණා වංචා දූෂණ නැතිකිරීමේ දඬුවම් දීමේ පනතක්.. ලසන්ත වික්‍රමතුංග... ඊළඟට අර රගර් ක්‍රීඩකයා.. කවුද නම එයාගේ... තාජුඩින්... දැන් ඒගොල්ලන්ව වළෙන් එගොඩ ගන්න බෑ. රගර් ක්‍රීඩකයා මැරුවේ කාර් එක ඇතුළේ ගිනි තියලා අමු අමුවේ. රජපවුලේ කුමාරයෙක් එක්ක යාලුවෙච්ච ගෑනූ ළමෙක් එක්ක තාජුඩින් යාලුවෙන්න එනවැයි කියලා. ඒ අමු අමුවේ ගිනි තිබ්බ තාජුඩින්ගේ ශරීරයේ ඇටකටු කොටස් අධිකරණ වෛද්‍ය නිලධාරි, කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ තැන්පත් කරලා තිබුණා. ඒවාට 2019න් පස්සෙ වෙච්ච දෙයක් නෑ. පාර්ලිමේන්තුවේ පනත් 100ක් සම්මත වුණත් උසාවියක ඔප්පු කරන්න පුළුවන් දේවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ අධිකරණ වෛද්‍යවරයෙක් ළඟ ඇතැයි කියලා මම හිතන් නෑ!" යනුවෙන්.

COMMENTS