දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉස්ලාම් අන්තවාදයට මොකුත් කරන්න එපා.. හිටපු ජනපති මට කිවුවා..- පූජිත සාක්‍ෂි දෙයි.. මෛත‍්‍රී තවත් අමාරුවේ..
Homeප්‍රවෘත්ති

ඉස්ලාම් අන්තවාදයට මොකුත් කරන්න එපා.. හිටපු ජනපති මට කිවුවා..- පූජිත සාක්‍ෂි දෙයි.. මෛත‍්‍රී තවත් අමාරුවේ..

PropellerAds

ව්‍යාප්තවෙමින් තිබූ ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලීසිය යොදවා කිසිදු පරීක්ෂණයක් සිදු නොකරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සි...

ඌව මහා නායක හාමුදුරුවන්, ජනාධිපති ලේකම්ගෙන් හොඳවයින් අහගෙන [Gossip]
අනුර කුමාර සහ රනිල් රටට අමතක කරවන ඉතිහාසයෙන් බිඳක්....
ජී. ඇල්. පීරිස් සහ ‘එ්කාබද්ධ විපක්ෂය’ ජනතාව නොමග යවති
ව්‍යාප්තවෙමින් තිබූ ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලීසිය යොදවා කිසිදු පරීක්ෂණයක් සිදු නොකරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට උපදෙස් දී තිබූ බව වැඩතහනමකට ලක්ව සිටින පූජිත් ජයසුන්දර මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි ලබාදෙමිනුයි ඒ මහතා මේ බව සදහන් කළේ.

මේ අතර වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සාක්ෂි විමසීමට සවන්දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ කොමිසම වෙත පැමිණියා.

සාක්‍ෂි ලබාදීම ආරම්භ කරමින් හිටපු පොලිස්පතිවරයා සඳහන් කළේ රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමේ බලය තිබූ තමන් අවශ්‍ය වූ විටදී ආරක්‍ෂක ලේකම්වරයාගෙන් උපදෙස් ලබාගැනීම සිදුකළ බවයි. එමෙන්ම ගනු ලැබූ තීරණ පිළිබඳව ජනාධිපතිවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් කළ බව ඔහු මෙහිදී කියා සිටියා.

අභියාචනාධිකරණ විනිසුරුගේ ප‍්‍රශ්නය – ඔබ කොයිම වෙලාවක හරි ජනාධිපතිවරයාගෙන් උපදෙස් ගන්නෙ නැතුව අග‍්‍රාමාත්‍යවරයා ගෙන් උපදෙස් අරගෙන තියෙනවද?
පිළිතුර – නැහැ. කිසිම අවස්ථාවක මම එහෙම කළේ නැහැ. හැබැයි දේශපාලනික වශයෙන් 2018 ඔක්තෝබර් මාසයේ ඇතිවූ දින පනස් දෙකේ ආණ්ඩුව වගේ සිදුවීම් වලින් පස්සේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සම්බන්ධකම පළුදු වුණහම මට ඔවුන් දෙදෙනා එක්ක එකට වැඩ කරගෙන යෑම හරිම අසීරු වුණා.

කොමිසමේ සභාපති විනිසුරුගේ ප‍්‍රශ්නය – කොයිම හරි වෙලාවක එකම කාරණයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙනස් උපදෙස් දුන් අවස්ථා තියෙනවද?

පිළිතුර – ඔව්. එවැනි අවස්ථාවල දී මම ජනාධිපතිවරයාගේ අණට එකඟ වුණා.

ප‍්‍රශ්නය – ඔබ කියන්නේ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන පොලිස් කොමිසම බලාත්මක කරල තියෙද්දිත් බාහිර පාර්ශ්ව ඒකට බලපෑම් කළා කියන එකද?

පිළිතුර – 2018 මුල ඉඳලම බලපෑම් ආවා. පොලීසියේ ඉහළ නිලධාරීන්ට මාරුවීම් ලබාදෙනකොට පොලිස් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන්න බැරි වුණා ඇත්තටම කිව්වොත් ඒවා නැවැත්තුවා.

ප‍්‍රශ්නය – කව්ද නැවැත්තුවේ?

පිළිතුර – හිටපු ජනාධිපතිවරයා

ප‍්‍රශ්නය – ඔය කියන සිද්ධි ගැන ඔබතුමාට ඒ කාලෙ කට අරින්න බැරි වුණානේ. දැන්වත් ඒ ගැන කියන්න බලන්න.

පිළිතුර – 2018 ඔක්තෝබර් 23 වනදා ජාතික ආරක්‍ෂක කවුන්සිලය පවත්වන්නයි තිබ්බේ. හැබැයි හවස් වෙනකල්ම ඒ ගැන මාව දැනුවත් කළේ නැහැ. හරියටම හවස 4.30 විතර එවකට හිටපු ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහත්තයට කතාකරලා ඇහුවා සර් අද සිකියුරිට් කවුන්සිල් එක තියෙනවද කියලා. ඔහු කිව්වා. පූජිත් මට ඔයාට කියන්න බැරුවයි හිටියේ. හැබැයි දැන් ඔය අහපු හින්න මං කියන්නම්. ජනාධිපතිතුමා කිව්වා ඔයාව කැඳවන්න එපා කියලා. එ් හින්දා ආරක්‍ෂක කවුන්සිලයේ වෙන කිසිම දෙයක් මට දැනගන්න ලැබුණේ නැහැ. එහෙන් කිසිම ලිඛිත දැනුම්දීමක් මට ආවෙ නැහැ.

සාමාජික ප‍්‍රශ්නය – එතකොට පාස්කු ප‍්‍රහාරය වැනි විනාශකාරී පෙරළියක ආරම්භය ඇති වුණේ ඔය සිදුවීමෙන්ද?

පිළිතුර – නැහැ. එහෙම්ම කියන්න බැහැ. 2012, 2013 වාගෙ කාලෙ ඉඳල ජාත්‍යන්තරව ඇති වුණු ක‍්‍රියාකාරකම්වලින් අපේ රටට වෙච්ච බලපෑම් වලට පිළියම් නොගැනීම හේතුවෙන් සමස්ත ක‍්‍රියාවලියම පරිහානියට පත්වෙලයි තිබුණේ.

ප‍්‍රශ්නය – ඇයි ඔබව ආරක්‍ෂක කවුන්සිලයට කැඳෙව්වේ නැත්තේ?

පිළිතුර – අයි.පී. නිශාන්ත සිල්වගෙ ස්ථානමාරුව තමයි ප‍්‍රධාන හේතුව

ප‍්‍රශ්නය – ඔබ මේ වෙනකම් ප‍්‍රසිද්ධියෙ කිව්වෙ නැති සිදුවීම් තවත් තිබෙනවාද?

පිළිතුර – ඔව් ස්වාමීනී. ඉස්ලාම් අන්තවාදය ගැන ඒ වෙනකොට පරීක්‍ෂණ කළේ පොලිස් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයයි. ඒකෙ අධ්‍යක්‍ෂ වෙලා හිටපු පොලිස් අධිකාරී නාලක ද සිල්වාව මම ජනාධිපතිවරයාට හඳුන්වලා දුන්නා. අපිදෙන්නම ගිහිල්ලා ලෝකයේ සහ මෙරට තුළ ක‍්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදය ගැන එතුමට ඉදිරිපත් කිරීමකුත් කළා. අන්තිමට ජනාධිපතිවරයා අපට කිව්වා මේක ඉතා සංවේදී වැඩක්. පරිස්සමෙන් කරන්න ඕනේ. සිරියාවෙ විතරයි වෙලා තියෙන්නේ. මේක මුස්ලිම් අයගෙ ප‍්‍රශ්නයක්. මුස්ලිම් මැති ඇමතිවරුත් ඉන්නව රජයේ. එයාලගෙන් රජයට බලපෑමක් වෙන්නත් පුළුවන්. පස්සෙ දවසක ආරක්‍ෂක කවුන්සිලය රැස්වුණා. හැබැයි ඒකෙදි ඉස්ලාම් අන්තවාදය ගැන විශේෂ සැළකිල්ලක් දැක්වූවේ නැහැ. අන්තිමට ජනාධිපතිවරයා කිව්ව මේ ගැන පොලීසියෙන් විවෘත පරීක්‍ෂණ කරන්න. රාජ්‍ය බුද්ධි සේවයේ නිලන්ත මේ ගැන මොනිටර් කරපුවාම ඇත. නිලන්ත ඒක කරයි.

මේ අතර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සාක්‍ෂි විමසීමට සවන්දීම සදහා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේත් ජනාධිපති කොමිසම වෙත පැමිණියා. පැය භාගයක පමණ කාලයක් සාක්‍ෂි විමසීමට සවන් දුන් හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුව කොමිසමෙන් පිටත්ව ගියා. එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට හෙට පෙරවරුවේ දී පාස්කු ප‍්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කෙරුණා.

– ITNnews 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉස්ලාම් අන්තවාදයට මොකුත් කරන්න එපා.. හිටපු ජනපති මට කිවුවා..- පූජිත සාක්‍ෂි දෙයි.. මෛත‍්‍රී තවත් අමාරුවේ..
ඉස්ලාම් අන්තවාදයට මොකුත් කරන්න එපා.. හිටපු ජනපති මට කිවුවා..- පූජිත සාක්‍ෂි දෙයි.. මෛත‍්‍රී තවත් අමාරුවේ..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7wqZpDKarzrH5ty1gM6d9pp5hdfHgvHBP-nrNWVmyngxHkbxZuyD-w6K4UALj5ZW4mIqUTm9K9dosQlTol97sPDlbZCo0SuuAkELke47uM2-1GQI77vjp1UuGMdaRbgmRlXpkYhuoSNU/s320/poojitha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7wqZpDKarzrH5ty1gM6d9pp5hdfHgvHBP-nrNWVmyngxHkbxZuyD-w6K4UALj5ZW4mIqUTm9K9dosQlTol97sPDlbZCo0SuuAkELke47uM2-1GQI77vjp1UuGMdaRbgmRlXpkYhuoSNU/s72-c/poojitha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_889.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_889.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy