රටේ අනාගත දියුණුව ඇතිකිරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා යන දෙපළ කෙරෙහිම විශ්වාසයක් තැබිය නොහැකි නිසා ඉදිරි ජනාධිපතිවරණයේද...
රටේ අනාගත දියුණුව ඇතිකිරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා යන දෙපළ කෙරෙහිම විශ්වාසයක් තැබිය නොහැකි නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී නව නිර්පාක්‍ෂික අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.
පසුගිය ජනාධිපතිවරණයේදී නීතිගරුක පාලනයක් වෙනුවෙන් ඒකරාශී වූ පිරිස සමඟ එක්ව එම අරමුණු වෙනුවෙන් කටයුතු කරන බවද එහි කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා සඳහන් කළේය.
දේශපාලනය නොදන්න අයෙකුට රටක් පාලනය කළ නොහැකි බවත් තෝරාගන්නා නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂකයා කවර මතයක් දරන කවර පක්‍ෂයක් තුළ සිටි අයෙකු වුවත්, පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා නම් ගියවර සෝභිත හාමුදුරුවන් මුලා කළ ආකාරයේ ලියවිල්ලකට නොව බරපතල නෛතික ලියවිල්ලකට අත්සන් තැබිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.
මහාචාර්යවරයා මේ බව අවධාරණය කළේ අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
පොදු අපේක්ෂකයා මේ වන විට නැවත ජනාධිපතිවරණයක් සඳහා සූදානම් වන බවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා එකඟ වූ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අලුත් ව්‍යවස්ථාවයක් නිර්මාණය කිරීමේ කටයුත්ත පසෙකලා ජනාධිපතිවරණයකට සූදානම් වන බවද ඒ මහතා පැවසීය.
නායකයන් දෙපලම සෝභිත ස්වාමීන්වහන්සේට ලබාදුන් ප්‍රතිඥාව ඉවත දමා ඇති බවත් නායකයන් දෙපල ගැන හා රටේ අනාගතය සම්බන්ධයෙන් තවදුරටත් විශ්වාසක් තැබිය නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය.
රට ශීලාචාර රටක් බවට පත් කිරීමට අලුත් නායකත්වයක් වෙනුවෙන් වැඩකටයුතු කිරීමට සිදු වන බවත් නාමික වශයෙන් පුද්ගල කේන්ද්‍රීය නොවූ තිරසර ප්‍රතිපත්තියක් සහිත නිර්පාක්ෂික අපේක්ෂයෙක් අවශ්‍ය බව ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS