මින්මතු වෙන වෙනම කණ්ඩායම් රැස්වීම් පැවැත්වීමට ක්‍රියා නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්...
මින්මතු වෙන වෙනම කණ්ඩායම් රැස්වීම් පැවැත්වීමට ක්‍රියා නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අවවාද කර තිබෙන බව එම පක්ෂයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පසුගියදා අරලියගහ මන්දිරයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මෙසේ අවවාද කර ඇත්තේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමක් වශයෙන් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ක්‍රියා කළ යුතු බව දැනුම් දෙමිනි.
විවිධ කණ්ඩායම් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැස්වීම් පැවැත්වීම තුළින් පක්ෂය තුළ අනවශ්‍ය ගැටලු ඇතිවිය හැකි බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ.
අග්‍රාමාත්‍යවරයා මෙසේ අවවාද කර තිබෙන්නේ මීට සති දෙක තුනකට පෙර තංගල්ලේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සහභාගි වූ රැස්වීමක් සම්බන්ධයෙනි.
හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ආරාධනයෙන් තංගල්ලේ පැවැති රැස්වීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 23 දෙනකු පමණ සහභාගි වී තිබේ.
එසේ තංගල්ලේ රැස්වීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනකුම ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය කනගාටුවද ප්‍රකාශ කර ඇත.
(මව්බිම)
COMMENTS