කටුනායක පිහිටි ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ වෛද්‍ය මධ්‍යස්ථානය භාර වෛද්‍යවරිය වන අනෝමි ජයසිංහ රාජකාරියට වාර්තා නොකර නිවසට වී සිටිම නිසා කාර්...
රටපුරා නිරෝධායන කටයුතු ලහිලහියේ සිදුවෙද්දී ඇය නිවසට වී ඊමේල් පණිව්ඩ යවමින් සිටින බවත් ,මසකට ලක්ෂ දහයක් පමණ වැටුපක් ලබමින් ඇය සේවකයින් ගේ ජිවිත බිල්ලට දි ඇතැයි නිලධාරීන් පෙන්වා දි ඇත .
මෙම තත්ත්වය මත ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ නියමුවන් හා සේවිකාවන් ගුවන් ගමන් නිමකර මෙරටට පැමිණි පසුව විෂබීජානුහරණයට ලක්කිරීමට ගුවන් හමුදාව ඩ්යෙදවු බව ගුවන් තොටුපළ සභාපති මේජර් ජෙනරාල් ජි .ඒ චන්ද්‍රසිරි මහතා පැවසිය .
ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ නියමුවන් හා නිලධාරීයන් මෙන්ම කාර්‍ය මණ්ඩලයේ විවේකාගාර පවා විෂබීජානුහරණයට ලක්කිරීමට අවශ්‍ය දේ පවා සපයා දිමට වෛද්‍යවරිය කටයුතු කර නැති නිසා සේවකයින් ගේ ජිවිත අනතුරේ ඇතැයි ගුවන් තොටුපළ සේවකයින් පෙන්වා දෙති.
“දොස්තර නෝනා නිරෝධායන පහසුකම් දෙන්න තියා සේවකයින් ගේ උෂ්ණත්වය මනින hand held උපකරණ පවා දිලා නැහැ. එයා මාස්ක් දෙන්නම් කියලා මැසේජ් එවනවා විතරයිලු .
ලක්ෂ ගනන් පඩි අරන් මෙයා ගෙදර ඉන්නේ දේශපාලන පත්විමක් නිසා කියලා හැමෝම කියනවා..අපි ඒ නිසා ජනාධිපති තුමාට මේ ගැන අවධානය යොමු කරන්නැයි දැනුම් දුන්නා..”යැයි ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් පැවසුහ.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
-අරුණ
COMMENTS