භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් රක්‍ෂණ ක‍්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පැවසීය. මේ පිළ...
භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් රක්‍ෂණ ක‍්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පැවසීය.
මේ පිළිබඳ සාකච්ඡාවක් මුදල් අමාත්‍යවරයා සමඟ ලබන සතියේදී පවත්වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ආරම්භයේ දී භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් හඳුන්වාදීමට බලාපොරොත්තු වන මෙම රක්‍ෂණ ක‍්‍රමය ඉන් පසුව සෙසු ආගමික පූජකවරුන්ටත් ලබාදීමට සැලසුම් කර ඇතැයි ද ඇමැතිවරයා කීවේය.
බුද්ධ ශාසනය රැකගැනීමේදී භික්‍ෂූන් වහන්සේලා භික්‍ෂූත්වයේ රැදීසිටීම දිරිගැන්වීම ද කළ යුතු බව කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය ඇතුළු පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.
එමෙන්ම ආගමික ස්ථාන පදනම් කරගනිමින් සදාචාරවත් ජනතාවක් බිහිකරගැනීමේ වැඩපිළිවෙළක් ද රජය විසින් සැලසුම් කර ඇතැයි කී අමාත්‍යවරයා දරුවන්ට දහම් පාසල් අනිවාර්ය කිරීමට ඉදිරියේදී සිදුවනු ඇතැයි පැවසීය.
COMMENTS