මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයින් 30 දෙනකු සිය නිවාස සහ නිල නිවාසවලට ගත් ජලය වෙනුවෙන් ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලයට රුපියල් කෝටියකට වැඩි මුද...
මැති ඇමැතිවරුන්ගේ මෙම හිඟ මුදල සම්බන්ධයෙන් ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
එම මුදල අය කර ගැනීම සඳහා කතානායකවරයාගේ සහය ලබා ගැනීමේ අරමුණින් යුතුව මේ බව දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.
ලබාගත් ජලය වෙනුවෙන් බිල්පත් ගෙවීම පැහැර හැර සිටින මෙම කණ්ඩායමට විශ්‍රාමික සහ මියගිය දේශපාලඥයෝ පිරිසක්ද ඇතුළත්.
හිඟ බිල්පත් නොගෙවූ සියලුම දේශපාලනඥයන්ගේ ජල සැපයුම විසන්ධි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළා.
මේ අතර ඇමැතිවරුන් කිහිප දෙනෙකු පමණක් සිය හිඟ ජල බිල්පත් පසුගිය දිනවල ගෙවා දැමූ බව එම ආරංචි මාර්ග පැවසුවා.

COMMENTS