ජනබලය රැලියේදී ලබා දුන් කිරි පැකට් විස වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා එම කිරි පැකට් නිෂ්පාදනය කළ ආයතනයට මන්ත්‍රීවරු පි...
ජනබලය රැලියේදී ලබා දුන් කිරි පැකට් විස වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා එම කිරි පැකට් නිෂ්පාදනය කළ ආයතනයට මන්ත්‍රීවරු පිරිසක් පැමිණ සිටිති.
කිරි නිෂ්පාදන ආයතනයේ සභාපති සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඒ සම්බන්ධව සාකච්ඡා කළ අතර එහිදී අනාවරණය වු තොරතුරු මත එදින එම කිරි අලෙවි කළ ස්ථාන සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙසද ඔවුහු ඉල්ලීමක් කළහ.
සිය නිෂ්පාදන ආයතනයෙන් ඉතා හොද තත්ත්වයේ කිරි පැකට් වෙළෙඳ පොළට නිකුත් කළ බවත් මෙම සිදු වීමෙන් පසු කළ පරීක්ෂණවලදී අදාල කිරි පැකට් සිදුරුවී තිබු බවට ඔවුන්ට සාධක ලැබී ඇති බවත් ඒ පිළිබඳව වෙනම පරීක්ෂණයක් සිදු කරන බවත් සභාපතිවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් එම කිරි නිෂ්පාදන ආයතනය කිසිදු පොලීසියකට මේ වන විට පැමිණිල්ලක් කර නැත. සිද්ධිය සම්බන්ධයෙන් ඔවුහු වැඩිදුර පරීක්ෂණ අරඹා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 12 දෙනෙකු මේ සඳහා එම ආයතනයට පැමිණ සිටියහ.
COMMENTS