දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අරුන්දික - චන්ද්‍රිකා ගැටෙති.
Homeප්‍රවෘත්ති

අරුන්දික - චන්ද්‍රිකා ගැටෙති.

PropellerAds

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කා...

‘වුහාන් මෙහෙයුම’ ශ්‍රී ලංකාව ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ජයක්… ඊට නායකත්වය දුන්නේ ජනපතියි.. දියුණු රටවලටද අප ආදර්ශයක් - වූහාන් 33 අමතමින් හමුදාපති කියයි
saman rathnapriya
රන්ජන්ව හමුවෙන්න හොරෙන්ම රනිල් වැලිකඩට ගිහින් !

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී වචන හුමවාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂයට වෙනම පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට අවසර ලබාදුන් ආකාරයට ශ්‍රීලනිප ඇමතිවරුන්ටද පාර්ලිමේන්තුව තුළ වෙනම අසුන් ගැනීමට අවසර ලබාදෙන ලෙසට අරුන්දික ප්‍රනාන්දු මහතා ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (06දා) රාත්‍රියේදී පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තත්ත්වය ඇති වී තිබේ.

එසේ නොවේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට කැපවිය යුතු බවත්,තවදුරටත්  එක්සත් ජාතික පක්ෂය සමග සිටීමෙන් පාක්ෂිකයන්ගේ කලකිරීමට ලක්වීමට සිදුවනු ඇති බවත් පෙන්වාදී ඇති මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති නොවන නිසා ශ්‍රීලනිප අනන්‍යතාව රැකගනිමින් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීම සඳහා ඇමතිවරුන්  කණ්ඩායමක් තීරණය කර ඇතැයි සඳහන් කර ඇත.

මෙම අවස්ථාවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පෙන්වා දී  ඇත්තේ එක්සත් ජාතික පක්ෂය අත්හැර මිනීමරුවන් දූෂිතයන් සමග ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවත්, එක්සත් ජාතික පක්ෂය සමග එක්වීම නිසා මහින්ද රාජපක්ෂ මහතාගෙන් රටත්, පක්ෂයත් බේරාගැනීමට හැකි වූ බවත්ය.

කෙසේ වෙතත් අරුන්දික ප්‍රනාන්දු මහතා විසින් මෙම ප්‍රකාශයට විරෝධය පළකිරීමත් සමග මධ්‍යම කාරක සභාව දැඩි උණුසුම් ස්වභාවයක් ගත් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අවස්ථාවට සහභාගි වූ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා ඇත්තේ ඉදිරි මැතිවරණවලදී පක්ෂය දිනවීමට අවශ්‍ය නම් බිම් මට්ටමේ සහාය ඇති ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව ගමනක් යා යුතු බවයි.

 ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට මේ මොහොතවනවිට වැඩි ජනතා ප්‍රසාදයක් තිබෙන බවත්,ඔවුන් සමග එකතු නොවුවහොත් ඉදිරි මැතිවරණ පරාජයට පත්වීමට ඉඩ ඇති බවත් ප්‍රේම්ජයන්ත් මහතා පෙන්වා දී ඇතැයිද වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සුසිල් ප්‍රේම්ජයන්ත්,නිමල් ලන්සා,අනුර යාපා,අරුන්දික ප්‍රනාන්දු,දුලිප් විජේසේකර, ජෝන් සෙනෙවිරත්න,ටී.බී.ඒකනායක යන ඇමතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අනතුරුව වෙනම සාකච්ඡාවක පවත්වා ඇතැයිද වාර්තා වේ.

සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සියලු වැරදිවලට තමන් ඇතුළු කණ්ඩායමට කර ගැසීමට සිදුවන බැවින් වෙන්වීමට අවසර ලබාදෙන ලෙසයි.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ තමන් හෝ මහින්ද රාජපක්ෂ මහතා හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඊළඟ ජනාධිපතිවරණයට තරග නොකරන බවත්,ඒ සඳහා ඇමතිවරුන් කණ්ඩායම එක්වී වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත්ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අරුන්දික - චන්ද්‍රිකා ගැටෙති.
අරුන්දික - චන්ද්‍රිකා ගැටෙති.
http://ift.tt/2wM2Grb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_567.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_567.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy