එහෙත් අද මාධ්‍ය හමුවේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ කැමැත්ත පිළිබඳ සතුටු වන නමුත් පක්ෂය ලෙස තීරණය කර ඇත්තේ...
එහෙත් අද මාධ්‍ය හමුවේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ කැමැත්ත පිළිබඳ සතුටු වන නමුත් පක්ෂය ලෙස තීරණය කර ඇත්තේ තනිව ආණ්ඩුවක් පිහිටුවීම බවයි. ඒ අනුව ඉදිරියේදී අත ලකුණින් හෝ බුලත් කොළය ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන බව හෙතෙම කියා සිටියේය.
ජාතික ආණ්ඩුව පිහිටුවීමට බලපෑ කාරණා එකින් එක දැන් ඉටුවෙමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය. දැනටමත් විදුලි පුටු ගැන තිබූ බිය නැති කළ අතර යුරෝපා මත්ස්‍ය තහනමද ඉවත් කර ගැනීමට හැකි වූ බවයි අමරවීර මහතා පෙන්වා දුන්නේ. තවදුරටත් GSP සහන ලබා ගැනීමට හැකි වූ අතර ප්‍රධාන කාරණාවක් වූ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටද හැකි වූ බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS