දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පිදුරංගල: "වෛරය නිරුවතට වඩා අපරාධයක්."
Homeගොසිප්

පිදුරංගල: "වෛරය නිරුවතට වඩා අපරාධයක්."

PropellerAds

[BBC වාර්ථාවකි] පිදුරංගල පෞරාණික පූජා භූමියට පැමිණ අඩනිරුවතින් ඡායාරූප ගත් තරුණයන්ට බුද්ධ පුත්‍රයකු වශයෙන් සමාව දීමට තමන් වහන්සේ සූදානම...

නකල්ස් ආශ්‍රිත අයෝජන ව්‍යාපෘති ‌දෙකක් නවත්වයි
"ලංකාවේ ජනාධිපතිධුරය ප්‍රබල ද?" : විවේචනාත්මක විග්‍රහයක්!
ජගත් කුඩු වෙළෙඳ පොළ වැලිකඩ හිරගෙදර?




[BBC වාර්ථාවකි]

පිදුරංගල පෞරාණික පූජා භූමියට පැමිණ අඩනිරුවතින් ඡායාරූප ගත් තරුණයන්ට බුද්ධ පුත්‍රයකු වශයෙන් සමාව දීමට තමන් වහන්සේ සූදානම් බව පිදුරංගල සීගිරි රජමහා විහාරස්ථානයේ භාරකාර ආචාර්ය දානියගම ආනන්ද හිමියෝ පවසති.

පිදුරංගල පර්වත ශීර්ෂයේ සිට සීගිරි පර්වතය දෙසට මුහුණ ලා තට්ටම් ප්‍රදර්ශනය වන අයුරින් ගත් ඡායාරූප සමාජ ජාල තුළ පළ කළ බවට සැක කෙරෙන තරුණයන් අතරින් තිදෙනෙකු පොලිසිය විසින් බදාදා (සැප්තැම්බර් 26) අත්අඩංගුවට ගනු ලැබිණ.

බ්‍රහස්පතින්දා (සැප් 27) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනා ඔක්තෝබර් 03 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකරුවන් සම්බන්ධයෙන් පිදුරංගල සීගිරි රජමහා විහාරස්ථානයේ දායක සභාවේ නියෝජිතයකු සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පැමිණිලි දෙකක් සිදු කර ඇති බව සීගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ආචාර්ය දානියගම ආනන්ද හිමි කියා සිටියේ "මේ ළමයි හැසිරිලා තිබෙන්නේ මේ වගේ ආන්දෝලනයක් රට තුළ ඇති වෙයි කියලා දැන ගෙන නොවෙයි," යනුවෙනි.

උන්වහන්සේ විසින් ඉහත කී සිදුවීම හඳුන්වනු ලැබුවේ "තරුණයන්ට ඇතිවුණු කිසියම් මානසික ආවේගයක ප්‍රකාශනයක්" ලෙසය.

නමුත් වෛරී චේතනාවෙන් ඔවුන් දෙස බලා එමගින් සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් ඇති කර ජීවිත පවා හානි කර ගැනීමේ පසුබිමක් නිර්මාණය නොකළ යුතු බව ආචාර්ය දානියගම ආනන්ද හිමියෝ අවධාරණය කරති.

"සදාකාලික වරදකරුවන් නොවේ"

අදාළ සිදුවීම සම්බන්ධයෙන් දැනට නීතිමය කටයුත්තක් සිදුවන බව කී උන්වහන්සේ ඉහත කී දරුවන්ට අවවාද කර යළි මෙවැනි දෑ ලොව කිසිදු ස්ථානයක සිදු නොකරන අයුරින් ඔවුන් යහමගට ගතයුතු බව සඳහන් කළහ.

"එසේ නැතිව වෛරයක් පිරිමහන්න, අප පටු ආකාරයෙන් කටයුතු කර විවේචනය කරමින් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කර ජීවිතයම අඳුරු කරන්න යනවනම් ඒක මහා අපරාධයක්. එය නිරුවතට වඩා වැඩි අපරාධයක් ලෙස මම සලකනවා."

"වැරදි කළ අයෙකු නිසි මගට ගන්නවා මිස සදාකාලිකවම වැරදිකරුවන් කිරීම නොකළ යුතුයි."

ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇති සංචාරකයන් ආකර්ෂණය කර ගන්නා වැඩි ප්‍රසිද්ධියක් නොමැති ස්වභාවික ස්ථාන පිළිබඳ තරුණ පරපුර අතර පෙර කවරදාකටත් වඩා දැඩි උනන්දුවක් ඇතිවෙමින් පවතී.

ඓතිහාසික සීගිරි පර්වතයේ සිට කිලෝමීටර තුනකට ආසන්න දුරකින් පිහිටා ඇති පිදුරංගල පර්වතය ද එවැනි ස්ථාන අතරින් එකක් ලෙස සැලකිය හැක.

තට්ටම් ප්‍රදර්ශනය

එවැනි ස්ථානවල ඡායාරූප ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වීම ඊට වැඩි වශයෙන් බලපා ඇත.

පිදුරංගල කඳු ශීර්ෂය වෙත වැටී ඇති දුෂ්කර මග ඔස්සේ ඒ වෙත පැමිණෙන අති බහුතරය තරුණ තරුණියන්ය.

පිදුරංගල මෙන්ම ශ්‍රී ලංකාවේ වෙනත් සංචාරක ස්ථාන වෙත ගොස් තට්ටම් ප්‍රදර්ශනය වන අයුරින් දෙස්, විදෙස් තරුණ තරුණියන් විසින් ගන්නා ලද ඡායාරූප සමාජ ජාල තුළ දුලභ නොවේ. එය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් ද නොවේ.

"සංස්කෘතිය, සදාචාරය"

කෙසේ නමුත් ඉහත කී සිදුවීමත් සමග පිදුරංගල සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ විවිධ අදහස් සහ ඡායාරූප පළ වේ.

අඩනිරුවත් ඡායාරූප ගැනීම පිළිබඳ බදාදා (සැප් 26) පිදුරංගල වෙත පැමිණි දේශීය තරුණ තරුණියන්ගෙන් එහි ගිය මා විමසා සිටි අවස්ථාවේ බීබීසී වෙත අදහස් පළ කිරීමට ඉදිරිපත් වූ සියලුම දෙනාගේම පාහේ මතය වූයේ එය සංස්කෘතියට, සදාචාරයට නොගැලපෙන ක්‍රියාවක් බවය.

"පිදුරංගල සහ සීගිරිය ගැන දන්නේ නැති මිනිස්සු මෙහෙම කරන්නේ. මේක විදේශිකයෙක් කළා නම් මම පුදුම වෙන්නේ නැහැ. ඔවුන්ගේ සංස්කෘතියත් එක්ක ඒක ඔවුන්ට අමුතු දෙයක් නොවෙයි," එහි පැමිණ සිටි තරුණයෙකු කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙද සිසුවියක් කියා සිටියේ "ලංකාව කියන්නේ ගොඩක් ලොකු සංස්කෘතියක් තිබෙන රටක්. විදේශීය රටවල් එක්ක ගත්තහම ගොඩක් තමන්ගේ ආගම දහම ගැන හිතනවා. මේක රැල්ලට වගේ සමාජ ජාල තුළ පළ වුණා. ඒක එච්චර හොඳ දෙයක් නොවෙයි. මේක බෞද්ධ රටක්," යනුවෙනි.

සීගිරිය සහ පිදුරංගල වැනි සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන රැකවල් කිරීම සඳහා ආරක්ෂක භටයන් යෙදවිය යුතු බව තවත් තරුණයකුගේ අදහස විය.

මේ අතර සිය නිවාඩුව ගත කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණි ලාංකික තරුණියක් කියා සිටියේ තමන් කිතුනු භක්තිකයෙකු වුවත් වෙනත් ආගමික ස්ථාන දෙසද ගෞරවයෙන් බැලිය යුතු බවය.

සිය නිදහස භුක්ති විදිමින් තමන්ට කැමති ආකාරයකට ඡායාරූපයක් ගැනීමේ වරදක් නොමැති බව එහි පැමිණි සිටි එක් තරුණයෙකු කියා සිටි නමුත් ඔහු ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කළේය.

මේ අතර පිදුරංගල අවට ජනතාවගෙන් වැඩි දෙනෙකු ද අදාළ සිදුවීම සම්බන්ධයෙන් කෝපය පළ කරන ආකාරයක් දැකිය හැක.

ඒ අවට වෙළෙඳසල් හිමියෙක් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ අඩනිරුවත් ඡායාරූප ගැනීම මගින් "ගමට නින්දාවක්" සිදුකර ඇති බවය.

"සීගිරි කාශ්‍යප රජතුමන් තමන්ගේ දුව වෙනුවෙන් පිදුරංගල බෞද්ධ විහාරය හැදුවේ. රජ්ජුරුවෝ හිටියනම් මේ වගේ අයට රජ කාලේ දඬුවමක් දෙන්නේ," ඔහු සිය කෝපය පළ කරමින් කියා සිටියේය.

කුඩා සංචාරක හෝටල් හිමියෙකුගේ අදහස වුයේ දැනට රටේ පවතින දැවෙන ප්‍රශ්න යට ගැසීමේ අරමුණින් වත්මන් ආණ්ඩුව සැලසුම් සහගතව අඩනිරුවත් ඡායාරූප සමාජ ජාල වෙත මුදා හැර ඇති බවය.

මතභේදයට තුඩු දුන් පිදුරංගල පර්වතයේ සිට සිය තට්ටම් පෙනෙන සේ විදෙස් තරුණියක විසින් ගනු ලැබූ ඡායාරුපයක් ද සමාජ ජාල තුළ පළ වී තිබේ.

නීතිය ක්‍රියාත්මක වන්නේ "කළු තට්ටම්වලට පමණක් දැයි" ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඇතැමුන් ප්‍රශ්න කර තිබිණි.

මේ අතර සමාජ ජාල ඔස්සේ අදහස් පළ කරමින් සමහරෙක් ප්‍රශ්න කර තිබුනේ බුදුන් වැඩසිටි සමයේ නිරුවතින් ආගමික වත්පිළිවත් කළ නිඝන්ටයන්ගේ නිරුවත එවක සමාජයට ප්‍රශ්නයක් නොවූ බවය.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් පිදුරංගල සීගිරි රජමහා විහාරස්ථානයේ භාරකාර ආචාර්ය දානියගම ආනන්ද හිමියන් කියා සිටියේ "නිඝන්ට ප්‍රජාව කළේ නිරුවත පෙන්වීම නොවෙයි. ඔවුන් කල්පනා කළ දේ තමයි සියල්ල අතහැරලා අඩු තරමේ විලි වසාගන්න වස්ත්‍රයටවත් ඔවුන් ප්‍රිය කරන්නේ නැතිව කටයුතු කරපු එක," යනුවෙනි.

සීගිරි අප්සරාවන් උඩුකය නිරුවතින් සිටියදී තට්ටම පෙනෙන සේ ඡායාරූපයක් ගැනීම වරදක් නොවන බව තවත් අයෙකුගේ අදහස වී තිබිණි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, "අපි කියනවා සීගිරි අප්සරාවන් නිරුවතින් ඉන්නේ කියලා. හොඳට බලන්න නිරුවත් ද කියලා?, අභරණ පළඳවා තිබෙනවා. අපේ රට කර්කශ රටක්. කෝට් දාගෙන ඉන්න බැහැ."

"වැඩි ඈතක යන්න ඕනි නැහැ වසර පනහකට පමණ පෙර ගම්වල අම්මලා උඩුකය රෙදි කඩකින් වසා සිටියේ. හැට්ට ඇඳලා බ්ලව්ස් ඇඳලා සිටියේ නැහැ. තාත්තලා අමුඩය වැනි සැහැල්ලු ඇඳුමක් ඇඳන් සිටියේ. ඒක නිරුවත පෙන්වීමක් නොවෙයි. සමාජය එය හාස්‍යයෙන් දැක්කේ නැහැ," යනුවෙන් උන්වහන්සේ විස්තර කළහ.

"සීගිරි ලඳුන් දැකලා කිසිම කෙනෙක් ශෘංගාරාත්මක හැඟීමක් ඇති කර ගත්තා කියලා මම අහලා නැහැ. කුරුටු ගී බැලුවත් පේනවා ඔවුන් එමගින් සාහිත්‍යමය රසාස්වාදයක් ලබා ඇති බව. ඒ වගේම පරණවිතානයන් කියනවා විජ්ජුලතා, මේඝලතාව මෙයින් නිරූපනය වෙනවා කියලා. කලාව, සෞන්දර්ය සහ සැබෑ ලෝකයේ පරිහරණයත් අතර ලොකු පරතරයක් තිබෙනවා."

කෙසේ නමුත් ආගමික ස්ථානයක සිට නිරුවත් ඡායාරූප ලබා ගැනීම සම්බන්ධයෙන් මතභේද හටගත් අවස්ථා ලොව වෙනත් රටවලින් ද වාර්තා වී තිබේ.

පසුගිය මාර්තු මාසයේදී පේරු රාජ්‍යයේ මචුපිචුහි ඉන්කා නටබුන් ඉදිරියේ සිය තට්ටම් ප්‍රදර්ශනය කරමින් ඡායාරූප ගත් විදේශිකයන් තිදෙනෙකු ඉන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබිණි.

2015 වසරේ දී මැලේසියාවේ කිනාබලු කන්ද වෙත ගිය සංචාරකයන් සිව් දෙනෙකු නිරුවතින් ඡායාරූප ගැනීම හේතුවෙන් එවක දැඩි කෝපයක් පළ විය. දින කීපයකට පසු එහි භූමිකම්පාවක් හටගත් අතර නිරුවතින් ඡායාරූප ගැනීමේ සිදුවීම සහ එහි සම්බන්ධයක් ඇති බව ප්‍රදේශවාසීන්ගේ විශ්වාසය විය.

මේ අතර බෙල්ජියන් ජාතික නිරූපිකාවක පසුගිය ජුනි මාසයේදී ජෙරුසලම් නගරයේ බටහිර පවුර පසෙකින් පෙනෙන සේ ගත් නිරුවත් ඡායාරූපයක් එවක දැඩි මතභේදයට තුඩු දී තිබිණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පිදුරංගල: "වෛරය නිරුවතට වඩා අපරාධයක්."
පිදුරංගල: "වෛරය නිරුවතට වඩා අපරාධයක්."
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAhbu3t89eO0U2VEvtZXxDm8OWckTI8BWyap1LostUx_tGCOwmBa8DvFmElzXZsgWN7pYPOPPBD_dJmK59TU-6Oeqsdk29JkVHV_BHb5IrZDET_mMUrfMYGlwXQ4v2uNjMUUM_A9UVGMrH/s1600/_103596789_6398de6c-e24b-46f9-80bb-29fa276f42d2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAhbu3t89eO0U2VEvtZXxDm8OWckTI8BWyap1LostUx_tGCOwmBa8DvFmElzXZsgWN7pYPOPPBD_dJmK59TU-6Oeqsdk29JkVHV_BHb5IrZDET_mMUrfMYGlwXQ4v2uNjMUUM_A9UVGMrH/s72-c/_103596789_6398de6c-e24b-46f9-80bb-29fa276f42d2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_114.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_114.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy