දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජගත් කුඩු වෙළෙඳ පොළ වැලිකඩ හිරගෙදර?
Homeගොසිප්

ජගත් කුඩු වෙළෙඳ පොළ වැලිකඩ හිරගෙදර?

PropellerAds

වැලිකඩ බන්ධනාගාරය කේන්ද්‍රකොට ගෙන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ වෙනත් සංවිධානාත්මක අපරාධකරුවන් පවත්වාගෙන යන නිල නොවන දුරකථන මධ්...

බණ්ඩාරනායක සමරුවට ආපු චන්ද්‍රිකා මෛත්‍රීව මගහරී
සන්ධානයේ ජනපති අපේක්ෂකයා ගෝඨා හෝ මෛත්‍රී - ඩිලාන් හෙළි කරයි
ගූගල් 2018 ඉන්දියාවේ වැඩිම සෙවුම ඇස්ගහපු ප්‍රියා ප්‍රකාශ්


වැලිකඩ බන්ධනාගාරය කේන්ද්‍රකොට ගෙන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ වෙනත් සංවිධානාත්මක අපරාධකරුවන් පවත්වාගෙන යන නිල නොවන දුරකථන මධ්‍යස්ථානය හරහා මසකට දුරකථන ඇමතුම් තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් හුවමාරු වන බව සොයාගෙන තිබේ

ඔත්තු සේවා සහ බුද්ධි අංශ මගින් හෙළි කරගෙන ඇති පරිදි මෙතරම් විශාල දුරකථන ඇමතුම් ප්‍රමාණයක් අතරින් එක් දුරකථන අංකයකට දළ වශයෙන් රුපියල් දෙදහසක පමණ මුදලක් වැය වන බවද අනාවරණයවේ.

සංවිධානාත්මක අපරාධ සහ විශේෂ කාර්ය බළකායේ අණදෙන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී එම්. ආර්. ලතිෆ් මහතා කියා සිටියේ දෙස් විදෙස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යාමට දුරකථන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගෙන ඇත්තේ වැලිකඩ බන්ධනාගාරය බවයි.

පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වු දැනට මරණීය දණ්ඩනය නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටින සුසෙයි නැමැත්තා එහි සිට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ජාවාරම් මෙහෙයවන බව පසුගිය දා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා කළ හෙළිදරව්ව මගින් ප්‍රසිද්ධියට පත්කරනු ලැබිණි.

පාකිස්තානය, බ්‍රසීලය, ඉන්දියාව ඇතුළු රටවල්වල සිට කන්ටේනර් පිටින් මත්කුඩු මෙරටට ගෙනඒම, විදෙස් රටවලින් නීති විරෝධී සිගරැටි කන්ටේනර්, රත්ත්‍රං කළු සල්ලි ජාවාරම්, ඊෂි කෑෂ් මගින් මුදල් හුවමාරුව, සංවිධානාත්මක අපරාධ සැලසුම් කිරීම, කප්පම් ගැනීම ඇතුළු පාතාලයේ සියලුම ජාවාරම් සිදු කෙරෙන්නේ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් අතර භාවිතා වන මෙම දුරකතක ජාලය හරහා වෙයි.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව මරණිය දණ්ඩනය නියමු වු සහ බරපතළ සිරදඬුවම් විදින සිරකරුවන් විදෙස් රටවල සිටින පාතාල සහ මත්කුඩු ජාවාරම්කරවන් සමඟ මෙසේ මෙම අපරාධ රැල්ල කරගෙන යන අතර මේ වන විට විවිධ මත්ද්‍රව්‍ය සහ පාතාල අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී බන්ධනාගාරයේ සිට සිදුකෙරෙන මෙම දුරකතන පනිවුඩ හුවමරු ජාලයේ තොරතුරු හෙළිදරව් වී තිබේ.

මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් මරණිය දණ්ඩනය නියම වී සිටින දෙස් විදෙස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වු සුසෙයිගේ ජාවාරම, ඩුබායි සිටින එවැනිම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ මෙහෙයවන්නකු වු මාකදුරේ මධුෂ්ගේ එම ජාවාරම් ජාලය, ඩුබායි සිටින අංගොඩ ලොක්කා, වැලිකඩ බන්ධනාගාරගතව සිරදඬුවම් ලබන දෙමටගොඩ කමල්, ‍ පොඩි ලැසි, දෙමටගොඩ චමින්ද, කොස්ගොඩ තාරක සහ වෙනත් ජාවාරම් සම්බන්ධව සිරදඬුවම් ලබන සහ මරණීය දණ්ඩනය නියම වී සිටින පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගණනාවක් කිසිදු බාධාවකින් තොරව වැලිකඩ බන්ධනාගාරයේසිට දුරකතන හුවමාරුව හරහා මෙම සියලු ජාවාරම් කරගෙන යති.

වැලිකඩ බන්ධනාගාරය හරහා සිදුකෙරෙන මෙම දුරකතන හුවමාරු ජාලය නතර කළ හොත් ‍මොවුන්ගේ දෙස් විදෙස් ජාවාරම් සියල්ල අඩපණ කළ හැකි බව පොලිසිය කියා සිටියි.

එහෙත් බන්ධනාගාර නිල නොවන ජාවාරම්කරුවන්ගේ දුරකතන හුවමාරු මධ්‍යස්ථානය කොටුකර ගැනීම සඳහා නිසි වැටලීමක් සිදු වී නැති බවද වාර්තා වෙයි.

සිරකරුවන් බැලීමට එන පුද්ගලයන් පමණක් නොව දිනපතා වැලිකඩ බන්ධනාගාරයට විවිධ දේ සැපයුම් කරන වාහන පුද්ගලයන් හරහා බොහෝ දේ ඇතුළු වෙයි. දුරකතන, සිම්කාඩ්, මුදල්, මත්කුඩු ඇතුළු බොහෝ දේ එසේ එන වාහනවල සඟවාගෙන යන බවට ද බුද්ධි අංශවලින් තහවුරු කර ගෙන ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ දුරකතන භාවිතය සිරකරුවන්ට සම්පුර්ණයෙන්ම තහනම් වෙයි. එපමණක් නොව සිරකරුවන්ට සිරගෙයි සිට දුරකතන ඇමතුම් ලබා ගත නොහැකි වන පරිදි වැලිකඩ බන්ධනාගාරය අසල ඇති දුරකතන කුලුන හරහා දුරකතන ඇමතුම් ලබා ගත නොහැකි වන පරිදි මීට ටික කාලයකට කපෙර දුරකතන ඇමතුම් ලබා ගැනීමේ ජාලය අවහිර කර තිබුණි. එම කුලුන ආශ්‍රිතව වැලිකඩ බන්ධනාගාරය අසල ප්‍රදේශය හරහා ගමන් කරන පිරිසට ද දුරකතන ඇමතුම් ලබා ගත නොහැකිව තිබුණි. සිරගෙදරින් පිට සිටින පිරිසට එවැනි තත්ත්වයක් තිබිය දී සිර ගෙදර සිටින සිරකරුවන් වු මත්ද්‍රව්‍ය ජාලයේ ජාවාරම්කරුවන්ට කිසිදු අවහිරතාවක් නොමැතිව දෙස් විදෙස් දුරකතන ඇමතුම් ලබා ගැනීම සිදු කරයි.

(DN)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජගත් කුඩු වෙළෙඳ පොළ වැලිකඩ හිරගෙදර?
ජගත් කුඩු වෙළෙඳ පොළ වැලිකඩ හිරගෙදර?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIFbD8G0Zt-VKuFFXaHb4_P5SXlUPZ8rek2CiOMSU7g4LqjTJckjwTApR5TsipUzzOcyFMoxWv_ytxBEFy2a8sV88pYMRHE_-lLZnGOEwPlGpueh0scyP2nSXDbF4eo93okUsq5Hty9Kg/s1600/Narcos.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIFbD8G0Zt-VKuFFXaHb4_P5SXlUPZ8rek2CiOMSU7g4LqjTJckjwTApR5TsipUzzOcyFMoxWv_ytxBEFy2a8sV88pYMRHE_-lLZnGOEwPlGpueh0scyP2nSXDbF4eo93okUsq5Hty9Kg/s72-c/Narcos.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_573.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_573.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy