දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ලංකාවේ ජනාධිපතිධුරය ප්‍රබල ද?" : විවේචනාත්මක විග්‍රහයක්!
Homeගොසිප්

"ලංකාවේ ජනාධිපතිධුරය ප්‍රබල ද?" : විවේචනාත්මක විග්‍රහයක්!

PropellerAds

සත්‍ය ලෙසම විධායක යැයි කියනු ලබන "ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධූරය" බලවත්ද යන්න සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ම...

එයා ඉතාලියේ විද්‍යා පර්යේෂිකාවක් - බුඩි බිරිය ගැන කියයි
අවුරුදු නැකතට සිය දොළොස් හැවිරිදි දියණිය දුෂණය කරන ලද පියා
ජනාධිපති නාගදීපයට (PHOTOS)


සත්‍ය ලෙසම විධායක යැයි කියනු ලබන "ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධූරය" බලවත්ද යන්න සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මුහුණදීමට සිදුවී ඇති ප්‍රශ්නය කුමක්ද යන්න මනා ලෙස විග්‍රහ කර තිබූ ලිපියක් අපට දැකගත හැකිවිය. 

ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසුරිය මහතාගේ මුහුනුපොත් පිටුවෙනි ඒ මහතාගේ සටහන අපි මෙසේ උපුටා දක්වමු.

"ජනාධිපති පඹයෙක්ද ?"

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතාමත්ම දුර්වල පුද්ගලයෙකු බවට ප්‍රචලිත අදහසක් තිබේ. එය කොතෙක් පොදු පිළිගැනීමකට ලක්ව තිබේදැයි කිවහොත්, ජනාධිපතිවරයාම කිහිප අවස්ථාවකදී එබඳු අදහසක් සමාජයේ පවතින බව පවසා සිටියේය. මෙතරම් බලගතු ධුරයක් හිමිව තිබෙත්දීත් එහි බලය පාවිච්චි කරන්නට නොහැකිව සිටින ඔහු දෙස බොහෝ අය අවඥාවෙන් බලන අතර, මීට පෙර සිටි ජනාධිපතිවරු කොතෙක් තේජාන්විතව, බලවත්ව සිටියේදැයි අපට මතක් කර දෙති.

 මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ දුර්වලව සිටින්නේ ඔහුගේ පුද්ගලික දුර්වලතාවක් නිසාද? නොඑසේනම්, ඔහු වෙනුවට මේ මොහොතේ ජනාධිපතිව සිටියේ ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස හෝ මහින්ද රාජපක්ෂ නම් ඔවුන් බලවත්ව සිටිනු ඇත්ද? පිළිතුර නැත යන්නයි. ප්‍රචලිත අදහස කුමක් වුවත්, මේ දක්නට ලැබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික දුර්වලතාවක් නොව, ලංකාවේ දැනට ක්‍රියාත්මක විධායක යැයි කියන, අතිශය බලසම්පන්න යැයි කියන ජනාධිපති ධුරයේ ඇත්ත තත්ත්වයයි. 

1978 ආණ්ඩුක්‍රම මගින් ඇතිකරන ලද්දේ 'විධායක ජනාධිපති ක්‍රමයක්' නොව අර්ධ ජනාධිපති හෙවත් මිශ්‍ර ක්‍රමයක් බව දැනට සිය වතාවකටත් වඩා කියා ඇත. මෙය පාර්ලිමේන්තු හෙවත් කැබිනට් ක්‍රමයේත්, ජනාධිපති ක්‍රමයේත් මිශ්‍රණයකි. විධායකයේ නායකයා වන ජනාධිපතිවරයා, ඒ සඳහාම වූ මැතිවරණයක් වන ජනාධිපතිවරණයකින්, ජනතාව විසින් ඍජුවම තෝරා පත්කර ගත්තත්, විධායකය සම්පූර්ණ වීමට කැබිනට් මණ්ඩලයකුත් අවශ්‍යය. කැබිනට් මණ්ඩලය පත්වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි කණ්ඩායමෙනි. 

මේ ක්‍රමයේදී 'ආණ්ඩුව' පත්වන්නේ එසේය. සාමාන්‍යයෙන්, හැමවිටම පාහේ ජනාධිපතිවරණයක් පවත්වා ඒ සමගම මහා මැතිවරණයක් පවත්වන බැවින්, ජනාධිපතිවරයා පත්වන පක්ෂයට හෝ එය අයත් සන්ධානයට පාර්ලිමේන්තුවේ බලයද හිමිවේ. ඒ අනුව විධායකය සම්පූර්ණ වන්නේ එකම පක්ෂයක ජනාධිපතිවරයෙකුගෙන් සහ කැබිනට් මණ්ඩලයකිනි.

වෙනත් අයුරකින් කිවහොත් ජනාධිපතිවරයා යනු අන් කවරෙකුවත් නොව, පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පක්ෂයේ හෝ සන්ධානයේ නායකයාය. එම පක්ෂ සම්බන්ධය නිසා පාර්ලිමේන්තුවේ එම බහුතර කණ්ඩායම හෝ කැබිනට් මණ්ඩලය, ජනාධිපතිවරයාට එරෙහිව යන්නේ හෝ ඔහු සමග ගැටෙන්නට යන්නේ නැත. ඒ අනුව පාර්ලිමේන්තුව වෙත පැවරෙන බලයක් වෙතත් එයත් තම මනාපයට භාවිත කරමින් ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය ලෙස පාලනය ගෙන යයි. 

ලංකාවේ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ද?

මේ හා සම්බන්ධයෙන් යම් උපන්‍යාසයක් ගොඩ නැගීමට කැමැත්තෙමි. එනම්, පවත්නා ආණ්ඩුක්‍රමය තුළදී ජනාධිපතිවරයා බලවත්ව ඇත්තේ ඇත්තෙන්ම ඔහුට එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන බලයට වඩා තම පක්ෂය තුළ ඔහු නායකයා වීම මගින් ලැබෙන බලය නිසාය යන්නයි. ලංකාවේ කිසිදු පක්ෂයක ව්‍යවස්ථාවක්, ලංකාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී යයි කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තරම්වත් ප්‍රජාතන්ත්‍රවාදී නැත. 

ඒ අනුව, පක්ෂයක නායකයා ඉවත් කිරීම තබා ඔහුගේ මතයකට එරෙහිව යාමවත් ඇත්තෙන්ම නම් කළ නොහැකි දෙයකි. ලංකාවේ ජනාධිපතිවරු බලවත් වූයේ ඔවුන්ට තම පක්ෂ තම රිසි පරිදි පාලනය කිරීමට හැකිවීම නිසා මිස ජනාධිපති ධුරය මගින් අසහාය බලයක් ලබා දීම නිසා නොවේ. ජනාධිපති ක්‍රමයට යම් හෝ විවේචනයක් කළ හැකි නම් ඒ, එම පක්ෂ නායක ධුරය ස්ථාවර කර ගැනීම සඳහා ජනාධිපති ධුරයේ බලයත් භාවිත කරන්නේය කියා පමණකි. 

කිසිදු දිනක ජනාධිපති නොවූ රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරු තිදෙනෙකුට මුහුණ දෙමින්, වසර විසි හතරක් පුරා තම පක්ෂ නායකත්වය ආරක්ෂා කර ගැනීමට සමත් වීමෙන් පෙනී යන්නේ එම විවේචනයද එතරම්ම ශක්තිමත් එකක් නොවන බවයි. 

ඒ කෙසේ ද යත්....

ජනාධිපතිධුරය කෙතරම් දුර්වල, බල විරහිත එකක්ද යන්න තේරුම් ගැනීමට නම්, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු බලය අහිමි විය යුතුය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියට 2001 වර්ෂය අගදී එය සිදුවිය. රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂය මහමැතිවරණය ජය ගැනීම නිසා ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි විය. එසේ පාර්ලිමේන්තු බලය අහිමි වීම නිසා චන්ද්‍රිකාට මුහුණ දෙන්නට සිදුවූ සෝචනීය තත්ත්වය තේරුම් ගැනීමට හොඳම සාක්ෂිය වන්නේ එස්. බී. දිසානායක මහතාගේ ඇමති ධුරය පිළිබඳ ප්‍රශ්නයයි. 

ඒ වනවිට චන්ද්‍රිකා සහ එස්. බී. අතර ඉතාමත්ම වෛරසහගත තත්වයක් ඇති වී තිබුණි. එස්. බී. ට තමන්ගේ ප්‍රියතම වූ සමෘද්ධි ඇමතිකම අවශ්‍ය වූ අතර, චන්ද්‍රිකා එය කිසිසේත්ම ඔහුට නොදෙන ස්ථාවරයක සිටියාය. නමුත් අවසානයේ සිදු වූයේ අසීමිත බලයක් ඇතැයි කියන 'විධායක' ජනාධිපතිනියට, තමන්ගේ පරම වෛරක්කාරයා වූ එස්. බී. ට ඔහු කැමති ඇමති ධුරය පිරිනමන්නටයි. චන්ද්‍රිකා අප්පිරියාවෙන් සහ කෝපයෙන් ඉවත බලාගෙන සිටියදී එස්. බී. ඇය ඉදිරියේ ජයග්‍රාහීව දිවුරුම් දෙන ඡායාරූපය ඔය කියන විධායක ජනාධිපතිට පාර්ලිමේන්තු බලය අහිමි වූ විට කෙතරම් අසරණ වන්නට සිදු වන්නේද යන්නට කදිම ශාක්ෂියකි. 

වත්මන් ජනාධිපතිවරයා දුර්වලව සිටින්නේ ඔහු ගැමි පසුබිමකින් පැමිණි, ඉංග්‍රීසි බැරි, හිටපු ග්‍රාම නිලධාරියෙකු වීම නිසා යැයි සමහරු අපහාසාත්මකව තර්ක කරති. එය එසේනම් ඔවුන් රදළ, ඉංග්‍රීසි බසෙහි චතුර, දෙමව්පියන් දෙදෙනාම අගමැතිවරුන් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේනට සමාන සමාජ පසුබිමකින් පැමිණි, එස්. බී. ඉදිරියේ දන නැවීම ගැන කියන්නේ කුමක්ද? මේ ඇත්තේ පුද්ගල පෞර්ෂයේ ප්‍රශ්නයක් නොව, මේ ධුරයේ ස්වභාවය පිළිබඳ ප්‍රශ්නයකි. 

මෛත්‍රීපාල වෙනුවට ජේ. ආර්., ප්‍රේමදාස හෝ මහින්ද රාජපක්ෂ නොව ගෝඨාභය නැතිනම් හිට්ලර් හිටියත් ඔයිට වඩා දෙයක් කරන්නට නොහැකිය. මේ ධුරයට නිසඟ බලයක් නැත. ඔය ධුරය අහෝසි කිරීමෙන් අමුතු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වෙන්නේ නැති බව අප කියන්නේ එනිසාය.

- අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය 
(අනිද්දා පුවත්පතට ලියන ලද්දකි) 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ලංකාවේ ජනාධිපතිධුරය ප්‍රබල ද?" : විවේචනාත්මක විග්‍රහයක්!
"ලංකාවේ ජනාධිපතිධුරය ප්‍රබල ද?" : විවේචනාත්මක විග්‍රහයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi90wgOGr6i0Y43eBxy1whsJIx8HAbF0UgC10AOT_J06mpWCyh_Z3t923zd1VYwO3LoAYgeTmJhrb7eQzXXHO8BoxRI0iyDARVX4cBguQ8-CKyF86QMDzxgAvOY0Ml3an7gcch0R_UAjFI/s1600/image_1478457219-516305ba38.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi90wgOGr6i0Y43eBxy1whsJIx8HAbF0UgC10AOT_J06mpWCyh_Z3t923zd1VYwO3LoAYgeTmJhrb7eQzXXHO8BoxRI0iyDARVX4cBguQ8-CKyF86QMDzxgAvOY0Ml3an7gcch0R_UAjFI/s72-c/image_1478457219-516305ba38.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_594.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_594.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy