දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නකල්ස් ආශ්‍රිත අයෝජන ව්‍යාපෘති ‌දෙකක් නවත්වයි
Homeගොසිප්

නකල්ස් ආශ්‍රිත අයෝජන ව්‍යාපෘති ‌දෙකක් නවත්වයි

PropellerAds

    නකලස් රක්ෂිතය ආශ්‍රිතව ඇති මිඩ්ලන්ඩ් වතුයායේ සහ හෙයාපාර්ක් වතුයායේ යෝජිත ආයෝජන ව්‍යාපෘති අවලංගු කළ බව රාජ්‍ය වැවිලි සමාගමේ සභාපති ති...

සනත් ජයසුරියගේ වැඩිමහල් දියණිය තම 17 වැනි උපන්දිනය සමරලා තිබුනේ මෙහෙමයි
රත්ගම ඝාතනයේ ප්‍රධාන සැකකාර IP සහ තොරතුරු හෙළි කළ SI එකම සිරමැදිරියක
මිනී වළක් ආවරණය කර ඇති කොන්ක්‍රීට් ලෑල්ල මත ඉදිකටු ගැසූ බෝනික්කන් 18ක් තබලා

   
නකලස් රක්ෂිතය ආශ්‍රිතව ඇති මිඩ්ලන්ඩ් වතුයායේ සහ හෙයාපාර්ක් වතුයායේ යෝජිත ආයෝජන ව්‍යාපෘති අවලංගු කළ බව රාජ්‍ය වැවිලි සමාගමේ සභාපති තිලක් මහානාම මහතා ප්‍රකාශ කළේය.

නකලස් ලෝක උරුමයට හානියක් සිදුවීමට කිසිදු ඉඩක් නොතබන බවද මහානාම මහතා සඳහන් කළේ ඊයේ (12දා) මධ්‍යම පරිසර අධිකාරියේදී නකල්ස් රක්ෂිතය පිළිබඳ පැවති විශේෂ සාකච්ඡාවේදීය.

නකල්ස් රක්ෂිතයට ආසන්නව පිහිටි රාජ්‍ය වැවිලි සමාගමට අයත් පාඩු ලබන වතු සඳහා විවිධ අයෝජන ව්‍යාපෘති කැඳවා ඇති අතර, ඒ සියල්ල අතරින් නකල්ස් රක්ෂිතයට බලපෑමක් ඇති නොකරන ව්‍යාපෘති සඳහා පමණක් අවසර ලබාදෙන බවත්,ඉතිරි සියලු ව්‍යාපෘති  පරීක්ෂාකර අවලංගු කරන බවත් සභාපතිවරයා කීවේය.

“දුම්බරමිටියාවතේ නකල්ස් රක්ෂිතයට හානියක් වෙන්න දෙන්නේ නැහැ.වරද වුණේ අපෙන් නෙවෙයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනිකුත් ආයතන සම්බන්ධන්ධීකරණයක් තුළින් නකල්ස් රක්ෂිතය පිළිබඳ අපට නිශ්චිතව  පෙන්වලාදීලා තිබුණේ නැහැ. 

නකලස් සීමාවේ කණු දාලා තිබුණා. අපි ඒ සීමාව පමණයි දැනගෙන හිටියේ සීමාව කියලා. නමුත් පරිසර සංවිධාන කිව්වා එතැන පමණක් නෙවෙයි තවත් කිලෝමීටරයක් විතර ආරක්ෂක කලාපයක් තිබෙන බව. වනසංරක්ෂණ එකෙන් ඒක ඇහුවාම කිව්වා එයාලා තාම ඒක හඳුනාගෙන නැහැ කියලා කිව්වා. පසුව අපි මේගැන හොයලා බැලුවා.

මිඩ්ලන්ඩ් වතුයා‍ගේ අක්කර 25 ක් ආයෝජනය සඳහා අන්තර්කාලීන ගිවිසුමක් අත්සන් කරලා තිබුණා. එයින් ඉතාම පුංචි කොටසක් විතරයි නකල්ස් සීමාවට අයිතිවෙන්නේ.ඒක දැනගත් සමගම අපි අත්සන් කරලා තිබුණු අන්තර්කාලීන ගිවිසුම් සියල්ල අහෝසි කළා.

හෙයාර්පාක් වත්තේ අක්කර 1600ක විතර ප්‍රමාණයක් තිබෙනවා. වාර්ෂිකව මේ වත්තෙන් රුපියල් කෝටි 05ක පමණ අලාභයක් රජයට දරන්න වෙලා තියෙනවා.  ආයෝජකයෙක් වත්තම ඉල්ලලා තිබුණා. කුකුළු කොටු ව්‍යාපාරයක් කරන කෙනෙක් තමයි එය ඉල්ලලා තිබුණේ.

නමුත් හෙයාර්පාර්ක් ඉල්ලුවේ කුකුළු කොටු දාන්න නෙවෙයි. කිරිහරක් ව්‍යාපෘතියක් පටන්ගන්න තමයි මේ භූමිප්‍රමාණය ඉල්ලලා තිබුණේ. නමුත් හෙයාර්පාර්ක් වත්තේ වැඩිප්‍රමාණයක් නකලස් ලෝක උරුමයේම කොටසක් බවට අයිති තත්ත්වයට  පත්වෙලා තියෙනවා කියලා හඳුනාගත්තා. ඒනිසා එයට අවධානය යොමුකරලා හෙයාර්පාර්ක් වත්තේ යෝජනාවලියත් නතර කරන්න තීරණය කළා.

රාජ්‍ය වැවිලි සංස්ථාව මේවනවිට නකල්ස් කලාපයේ ඉඩම් සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් අත්සන් කරලා හෝ කිසිදෙයක් කරලා නැහැ. නමුත් මේවනවිට ව්‍යාපෘති 46කට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. නකලස් සීමාව ඇතුළෙ ව්‍යාපෘති කරන්න අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඇමතිතුමා කැමතිත් නැහැ ඒකට. නකලස් රක්ෂිතයට හානියක් නොවෙන්න තිරසර සංවර්ධනයට දායක වන කෘෂිකාර්මික ව්‍යාපෘති මේ වතුවල කරන්න අයිතිය තියෙන්න ඕන කියලා මම  කියන්න කැමතියි.

අඩුපාඩු පෙන්වලා දීම ගැන අපි අගයකරනවා. නකල්ස් රක්ෂිතයට අදාළ එක බිම්අඟලක්වත් දීලානැහැ. එහෙම කරන්නෙත් නැහැ.  ඉතාම හොඳ කෘෂිකාර්මික යෝජනා ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් දුන්නා කියලා හානියක් වෙන්නේ නැහැ. ඒත් නකල්ස්ලෝක උරුමයට අබමල් රේණුවකවත් හානියක් වෙන්න දෙන්නේ නැහැ කියලා මම කියන්න කැමතියි" යැයි පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නකල්ස් ආශ්‍රිත අයෝජන ව්‍යාපෘති ‌දෙකක් නවත්වයි
නකල්ස් ආශ්‍රිත අයෝජන ව්‍යාපෘති ‌දෙකක් නවත්වයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnOrl3ioIRDOdAPPgAYU_UMXIsie8NFvO_8kfBh4JuAOQ9ubfF7hs2umPb9cUBjQgFsCJSErBXTuCOGhWK-OKcKIUxWdfsvOFDJDR-j1pTHEWt3gQ7IsgccYTwRCMxQcnnrvMsjUvfiTk/s1600/99707703.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnOrl3ioIRDOdAPPgAYU_UMXIsie8NFvO_8kfBh4JuAOQ9ubfF7hs2umPb9cUBjQgFsCJSErBXTuCOGhWK-OKcKIUxWdfsvOFDJDR-j1pTHEWt3gQ7IsgccYTwRCMxQcnnrvMsjUvfiTk/s72-c/99707703.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_683.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_683.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy