මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සමගාමීව පැවැති අතුරු සැසිවාර සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආචාර්ය නාලක ගොඩහේවා, ප්...
මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සමගාමීව පැවැති අතුරු සැසිවාර සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආචාර්ය නාලක ගොඩහේවා, ප්‍රතිභා මහානාම හේවා යන මහත්වරුන් ඇතුළු පිරිසක් අද අලුයම දිවයිනට පැමිණියහ. ඔවුන් පිළිගැනීමේ උත්සවයක් ද එහිදී පැවැත්විය.
ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙසේ අදහස් දැක්විය.
“කල්පනා කරනවා ඇති අපි මේ ජිනීවා යන්නට අවශ්‍ය ඇයි කියලා? යන්නට අවශ්‍ය හේතුව තමයි ත්‍රස්තවාදය අවසන් වුණාට පස්සේ එල්ටීටීඊ සංවිධානය පරාජය වුණාට පස්සේ යුද්ධයෙන් ඔවුන් ඊළඟ ඊලාම් යුද්ධය මම හිතන්නේ ඊළඟ අදියර පටන් අරගෙන තියෙන්නේ ජිනීවාවල මානව හිමිකම් කවුන්සලය හරහා. සාමාන්‍යයෙන් ජිනීවා වල හිමිකම් කවුන්සලය සති 2ක පමණ කාලයක් පැවැත්වෙනවා. දවසට ඊළාම්වාදීන් අඩුගානේ 20ක් 30ක් අතර ප්‍රමාණයක් කතා පවත්වනවා ලංකාවට එරෙහිව. ලංකාවේ තාමත් විශාල වශයෙන් දෙමළ ජනතාව ඝාතනය කරනවා, කාන්තාවන් දූෂණය කරනවා, පාරේ තරුණයන් පැහැරගෙන යනවා කියලා අමූලික මුසාවාද කියනවා. ඒවා රටවල් 47ක් අහගෙන ඉන්නවා මේ කතා. රටවල් 47ක තානාපති නිලධාරීන් අහගෙන ඉන්නවා මේ කතා. අපි ජිනිවා ගිහිල්ලා පහුගිය කාලය තිස්සෙම අපිත් හඬක් නගන්න පටන් ගත්තාම යම්තාක් දුරට අපිට පුළුවන් වෙලා තියෙනවා මේ මතය යම්කිසි අපේ පැත්ත කියන්න.”
ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා මෙසේ අදහස් දැක්විය.
අපේ වියදමින් අපි ගියේ. අපේ මහන්සියෙන් අපි ගියේ. නමුත් එල්ටීටීඊ ඩයස්පෝරාවේ කතා වෙනවා හැට හැත්තෑවක්. නමුත් අපේ රට වෙනුවෙන් කතා කරන්න කතා 12යි 13යි තියෙන්නේ. මේක විදේශ අමාත්‍යංශය 63 දෙනෙක් 70 අරගෙන යනවා නිව්යෝර්ක් වලට. එවන්නකො කට්ටියක් එවන්න පුළුවන් මානව හිමිකම් කවුන්සිලයට."
COMMENTS