ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන “ජනබලය කොළඹට“ ජන රැළිය කොළඹ, ලේක්හවුස් වටරවුම ආසන්නයේ පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. ...
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන “ජනබලය කොළඹට“ ජන රැළිය කොළඹ, ලේක්හවුස් වටරවුම ආසන්නයේ පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
මීට සුළු වේලාවකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජන රැළියේ සංවිධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අද (05) පස්වරු 2.00 ට ජනබලය කොළඹට ජන රැළිය ආරම්භ වන බවත් ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සවස 3.00ට පමණ කොටුව, බෝගහ ආසන්නයේ දී ජන රැළියට සම්බන්ධ වීමට නියමිත බවත් ඒකාබද්ධ විපක්ෂය පවසයි.
COMMENTS