පා ස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් පසෙකට දමා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිරගත කිරීමේ උත්සාහයක් තිබෙන බව පැහැදිලිව පෙනී යන්නේ යැයි ...
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් පසෙකට දමා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිරගත කිරීමේ උත්සාහයක් තිබෙන බව පැහැදිලිව පෙනී යන්නේ යැයි ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක අජිත් බස්නායක මහතා සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරයා ඉලක්ක කරමින් අගරදගුරු තුමන් විසින් මෑතකදී කළ ප්‍රකාශය කිසිවකුගේ දේශපාලන උවමනාවට කළ ප්‍රකාශයක් බව පෙනෙන බව ද ඔහු සඳහන් කළේ ය.
රට ප්‍රශ්න රැසක් මැද ඇති වෙලාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට එන බව ප්‍රකාශ කළ සැණින් අගරදගුරුතුමන් මෙවන් ප්‍රකාශයක් කිරීමෙන් මෙය දේශපාලන කුමන්ත්‍රණයක් ඔස්සේ කළ එකක් යැයි පෙනෙන බව ද ඔහු සඳහන් කළේ ය.
අද රටේ ඇති ආර්ථික ප්‍රශ්න සමාජ ප්‍රශ්න යට ගැසීම සඳහා කිසියම් දේශපාලන හස්තයක් විසින් අගරදගුරුතුමන් හරහා මෙවන් ප්‍රකාශයක් කර වන්නේ දැයි සැකයක් ඇතැයිද ඔහු කියා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ යක්කල දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS