ඉන්දියාවේ සිට මුහුද ඔස්සේ මන්නාරම වෙරළට ගොඩ ගැසු රසායනික අපද්‍රව්‍ය ඇතුළු සෙසු අපද්‍රව්‍ය සම්බන්ධයෙන් විද්‍යාත්මක පරික්ෂණයක් සිදු කිරීමට ස...
ඉන්දියාවේ සිට මුහුද ඔස්සේ මන්නාරම වෙරළට ගොඩ ගැසු රසායනික අපද්‍රව්‍ය ඇතුළු සෙසු අපද්‍රව්‍ය සම්බන්ධයෙන් විද්‍යාත්මක පරික්ෂණයක් සිදු කිරීමට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය තීරණය කර තිබේ.
එම පරික්ෂණයෙන් අනතුරුව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අදාළ රටවල් දැනුවත් කිරීමට හැකියාව පවතින බව එම අධිකාරිය සඳහන් කළේය.
නාවික හමුදාව වනජීවි දෙපාර්තමේන්තුව, පරිසර සංවිධාන සහ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් එක්ව අදාළ සායනික අපද්‍රව්‍ය වෙරළ තීරයෙන් ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරනු ලබයි.
සායනික අපද්‍රව්‍ය මඟින් ජලජ ජීවින්ට සහ ශාකවලට සිදුව ඇති බලපෑම් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව මඟින් පරික්ෂණයක් සිදු කිරීමට ද නියමිතව තිබේ.
මන්නාරමේ ධීවර සමීති නායකයින් පවසන්නේ මෙවර ඉන්දියාවේ සිට අපද්‍රව්‍ය මන්නාරම වෙරළ තීරයට ගොඩ ගැසීම සම්බන්ධයෙන් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට දන්වන ලද නමුත් ඔවුන් ඒ වෙණුවෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS