බියර් යනු ලොව පැරණිතම සහ වඩාත්ම බහුල වශයෙන් පරිභෝජනය කෙරෙන සෞම්‍ය මධ්‍යසාර අඩංගු පානයකි. ජලය සහ තේ වැනි පාන වර්ගවලට පසු තෙවැනි ජනප‍්‍ර...
බියර් යනු ලොව පැරණිතම සහ වඩාත්ම බහුල වශයෙන් පරිභෝජනය කෙරෙන සෞම්‍ය මධ්‍යසාර අඩංගු පානයකි. ජලය සහ තේ වැනි පාන වර්ගවලට පසු තෙවැනි ජනප‍්‍රියතම පානය වන්නේ ද එයයි. බීර යුරෝපයේ ආහාර, සමාජ ඇසුර සහ සැමරුම් අවස්ථා යනාදිය සමඟ කේන්ද්‍රීය ලෙස බැඳ පවතින්නකි. බීර යනු ජලය බීර මල් බාර්ලි සහ යිස්ට් ඇතුළු ස්වභාවික සංඝටකවලින් සකසා පැසවාගනු ලබන පානයකි. මඳ වශයෙන් රසවිඳින විට එය යහපත් ආහාර පුරුදු සහ නීතිපතා සිදුකරන ව්‍යායාම ඇතුළත් සමතුළිත ජීවන රටාවක කොටසක් විය හැකිය. එහි ඇති ස්වභාවය සහ සාන්ද්‍රණය අනුව බියර් යනු සාමාන්‍යයෙන් ස්ප‍්‍රිත්තුවලට වඩා අඩු මධ්‍යසාර ප‍්‍රමාණයක් සහිත දීර්ඝ වේලාවක් රසවිඳිය හැකි පානයකි.
ලෝක සෞඛ්‍ය සංවිධානය, සුරාබදු දෙපාර්තමේන්තුව කර්මාන්ත සංඛ්‍යා ලේඛන සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සමීක්ෂණ වාර්තා සැලකිල්ලට ගනිමින් ශ‍්‍රී ලංකාව තුළ සැර මත්පැන් භාවිතය අවම කිරීම සඳහා බීර සහ වයින් මත පනවා ඇති අධික බදු ප‍්‍රතිපත්තිය ලිහිල් කිරීමට මුදල් ඇමැතිවරයා තීරණය කර ඇති අතර ඒ සමඟ අරක්කු ජාවාරම්කරුවන් දැඩි කැලබීමකට පත්ව ඇත. ලෝකයේ සාමාන්‍ය මධ්‍යසාර පරිභෝජනය අනුව සැර මධ්‍යසාර පරිභෝජනයෙන් දියුණු රටවල් ඈත්වෙමින් තිබේ. එම සංඛ්‍යා ලේඛන අනුව බීර භාවිතය 41%කි. වයින් භාවිතය 27.7%කි. අරක්කු වැනි ස්ප‍්‍රිත්තු භාවිතය 31%කි.
ආසියානු කලාපයේ ඉන්දුනීසියාව බීර භාවිතය 84.5%කි. වයින් භාවිතය 0.1%කි. ස්ප‍්‍රිත්තු භාවිතය 15.7%කි. මියන්මාරයේ බීර පරිභෝජනය82.6%කි වයින් 5.7%කි. ස්ප‍්‍රීත්තු 11.8%කි. මැලේසියාවේ බීර පරිභෝජනය 76.2%කි. වයින් භාවිතය 2%කි. ස්ප‍්‍රිත්තු පරිභෝජනය 21.8%කි.
ආසියානු කලාපයේ විස සහිත සැර මත්පැන් වැඩි පුරම පරිභෝජනය කරන රට ශ‍්‍රී ලංකාව වන අතර ඒ අනුව බියර් පරිභෝජනය 13%කි. වයින් පරිභෝජනය 2%කි. අරක්කු හෙවත් ස්ප‍්‍රිත්තු භාවිතය 85%කි. මේ අතරින් නුවරඑළිය ප‍්‍රදේශයේ 95%ක් පුත්තලම ප‍්‍රදේශයේ 78%ක් හම්බන්තොට 40%ක් පරිභෝජනය කරන්නේ නීතිවිරෝධී මත්පැන් හෙවත් කසිප්පු බව සමීක්ෂණ වාර්තාව අනාවරණය කර ඇත. මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පොල් හා තල්ගස්වලින් රා මැදීම සඳහා මින්මතුවට බලපත‍්‍රයක් ලබා ගත යුතු බවත් ඒ සම්බන්ධයෙන් සුරාබඳු පනතේ 15 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් මුදල් අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කෙරිණි. එනමුදු කිතුල් ගස්වලින් රා මැදීම සඳහා එවැනි බලපත‍්‍රයක් ලබා ගැනීම අවශ්‍ය නොවන බව ද එහි සඳහන්ය. යෝජිත අයවැය යෝජනාවකට අනුව රා කසිප්පු සහ නීති විරෝධී ස්ප‍්‍රිත්තු නිෂ්පාදනයට දැඩි නීතිරීති පැනවෙන අතර සැර මත්පැන් නිෂ්පාදනය කෙරෙහි බදු පනවා සැර මත්පැන් පරිභෙෘ්ජනය අවම කිරීමට පියවරගෙන ඇත. නීතිවිරෝධී ලෙස ස්ප‍්‍රිත්තු නිපදවන්නන් එතනෝල් ජාවාරම්කරුවන් මේ නිසා දැඩි කැළඹීමකට පත්ව තිබෙන අතර බියර් සහ වයින් කෙරෙහි ඇති දැඩි බදු ප‍්‍රතිපත්තිය ලිහිල් කිරීමට ද ඔවුන් අකමැතිය. මේ නිසා අයවැය යෝජනාවලට එරෙහිව රටේ ජනතාව නොමඟ යවන සුළු ප‍්‍රචාරක ව්‍යාපෘති සඳහා මේ දිනවල රුපියල් කෝටි ගණනින් මුදල් වැය කිරීමට ආරම්භ කර ඇති බව දැනගන්නට ඇත.
- සත්හඬ
COMMENTS