ඉරට්ටෙයි වයික්කාල ප්‍රදේශයේදී ඉදිරියෙන් ගිය පෞද්ගලික බස් රථයක් ඉස්සර කිරීමට ගිය ලංගම බස් රථයට ඉස්සර කිරිමට නොදුන් පෞද්ගලික බස් රථය එක වරම...
ඉරට්ටෙයි වයික්කාල ප්‍රදේශයේදී ඉදිරියෙන් ගිය පෞද්ගලික බස් රථයක් ඉස්සර කිරීමට ගිය ලංගම බස් රථයට ඉස්සර කිරිමට නොදුන් පෞද්ගලික බස් රථය එක වරම ලංගම බස් රථය ගමන් මාර්ගය අවහිර වන අයුරින් ධාවනය කරවන අතර එහිදී ලංගම බස් රථ රියදුරු අනතුර අවම කරගැනීමට අසල පිහිටි කලපුව දෙසට බස් රථය හැරවීමෙන් පෙරළී යන ආකාරය ලංගම බස් රථයේ සිටි මගියෙකු විසින් වීඩියෝ ගත කර ඇත.
අදාළ අනතුර සිදු වුණද පෞද්ගලික බස් රථය නොනවත්වා ධාවනය කෙරෙන අතර ලංගම බස් රථය කලපුවට පෙරලීමෙන් තුවාල ලත් මගීන් මුලතිව් රෝහලට ඇතුලත් කරන අතර ඔවුන් සුළු තුවාල ලබා ඇති බවටද සඳහන් වෙයි.
අපරික්ෂාකාරීව බස් රථය ධාවනය කොට පලා ගිය පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා මුලතිව් පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.
- වන්නි රොමේෂ් මධුෂංඛ
ලංගම බස් රථයට ඉදිරියෙන් ගිය පෞද්ගලික බස් රථය ගමන් මාර්ගය අවහිර වන සේ ධාවනයේ යෙදෙන අයුරු සහ අනතුරුව ලංගම බස් රථය පෙරළී ගිය අවස්ථාව පහත වීඩියෝවෙන් දැක්වේ.
COMMENTS