දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විමල්ගේ තවත් බරපතළ වැඩ කිහිපයක් එළියට
Homeප්‍රවෘත්ති

විමල්ගේ තවත් බරපතළ වැඩ කිහිපයක් එළියට

PropellerAds

වාහන අවභාවිතය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වාහන අවභාවිතයටත් වඩා බරපත...

නීතිය ලගටම එද්දී බදියුදීන් රටින් පිටවෙයි !
හිටපු ඇමැති කබීර් හෂීම් ජාතික ධනය වැනසූ හැටි හෙලිවෙයි
ආණ්ඩුවේ සෑම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුටම මිලියන 20ක් සහ රැකියා 700ක්
විමල්ගේ තවත් බරපතළ වැඩ කිහිපයක් එළියට

වාහන අවභාවිතය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වාහන අවභාවිතයටත් වඩා බරපතළ ලෙස රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කර ඇති බව අනාවරණය වේ. ඒ සම්බන්ධයෙන්ද මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.

විශේෂයෙන්ම රජයේ නිවාස යෝජනා ක්‍රමවල නිවාස තම ඥාති හිතමිතුරන්ට තුට්ටු දෙකට ලබා දී කෝටි ගණනක මුදල් අවභාවිතා කිරීම ඔහුට එල්ල වී ඇති ප්‍රබලම චෝදනාවකි. මත්තෙගොඩ සහ කහතුඩුව නිවාස යෝජනා ක්‍රමයන්ගේ නිවාස එසේ සොච්චම් මිලට නිවාස ලබා දී විමල්ගේ ඥාතීන්ට බව වාර්තා වේ.

එසේ නිවාස ලබා දී ඇති පුද්ගලයන් අතර විමල්ගේ බාල සහෝදරයා වන ආනන්ද ප්‍රියදර්ශන, විමල්ගේ සොහොයුරියගේ ස්වාමිපුරුෂයා වන ඩබ්. හේමසිරි, විමල්ගේ මස්සිනා වන පී.ඩබ්. රූපසිංහ, විමල්ගේ සහෝදරියගේ පුතා වන වසන්ත කුමාරසිංහ, විමල්ගේ නෑනා වන අයි. එම්. රණවීර, යන අය සිටින බව වාර්තා වන අතර මේ වන විට අල්ලස් හෝ දුෂණ කොමිසම විසින්ද මේ සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇත.

එසේම මාසික කුලිය රුපියල් ලක්ෂ 5ක් වන බම්බලපිටිය ‘ඕෂන් වීව්‘ ගොඩනැඟිල්ල මාසික කුලිය රුපියල් 50000.00කට හිතවතුකට බදු දීම සම්බන්ධයෙන්ද විමල් වීරවංශ මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබේ. 2015 ජනාධිපතිවරණ සමයේදී ගුවන් හමුදා යානා ගුවන් ගමන් සඳහා යොදා ගෙන මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ගුවන් හමුදාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ද පරීක්ෂණ අරඹා ඇත.

එසේම නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතනවලින් එකතු කරගත් රුපියල් 14800000.00ක මුදලින් 2015 ජනාධිපතිවරණ දේශපාලන ප්‍රචාරක පත්‍රිකා මුද්‍රණය කිරීමද මන්ත්‍රීවරයාට එල්ලව ඇති බරපතළ චෝදනාවකි.

එසේම අලෙවි සංවර්ධන නිලධාරීන් බව පෙන්වා ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් 60 දෙනකුට ඉංජිනේරු සංස්ථාවෙන් වැටුප් ගෙවා ඇති බවටද තොරතුරු හෙළි වී තිබේ. මොවුන් ඉංජිනේරු සංස්ථාවේ කිසිදු වැඩබිමක කිසිදා සේවය කර නොමැති අතර ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් රජයේ මුදල් මිලියන 69ක් ගෙවා තිබේ.

ඊට අමතරව බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරළයේ අලුබෝවත්ත සහ දෙල්ගහවත්තේ පර්චස් 81.4ක් මිලදී ගෙන මිලියන 18.5ක හා මිලියන 5ක නිවාස දෙකක් ඉඳි කිරීමට මුදල් සපයා ගත් ආකාරය ගැනද මේ වන විට විමර්ශනය කෙරේ.

කෙසේ වෙතත් වාහන අවභාවිතය ඇතුළු මේ සියලු අවභාවිතයන් එක්ව ගත් කළ විමල් වීරවංශ මහතා නිසා රජයට අහිමි වී ඇති මුදල රුපියල් මිලියන 1000ක් පමණ වනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

අස්ථානගතව ඇති ලේඛන නිසා සෙසු අනභාවිතයන් ගැන විස්තර සපයා ගැනීම දුෂ්කර වී ඇතත් පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව එම ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත.

 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29335,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විමල්ගේ තවත් බරපතළ වැඩ කිහිපයක් එළියට
විමල්ගේ තවත් බරපතළ වැඩ කිහිපයක් එළියට
http://ift.tt/2isTM9c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_442.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_442.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy