දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘කලණ‘ හස්තියාට අවශ්‍ය පහසුකම් ලබා නොදී හිංසාවට පත් කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ලේකම...
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘කලණ‘ හස්තියාට අවශ්‍ය පහසුකම් ලබා නොදී හිංසාවට පත් කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ලේකම් හා ඇත් ගොව්වා අද (28) සැකපිට අත්අඩංගුවට ගත් බව ගන්දර පොලීසිය පවසයි.
අදාල සත්වයා වසර තුනක පමණ කාලයක් තිස්සේ එක තැන ගැට ගසා අවශ්‍ය පහසුකම් නිසි පරිදි ලබා නොදී යකඩ දම්වැලද මාරු නොකර පාදය තුවාල වන තත්වයට පත් වන තෙක් භාරකරුවන් බලා සිට ඇති බවට වන ජීවී සංරක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු වන ජීවී නිලධාරීන් ඊයේ (27) පොලීසිය වෙත කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කෙරිණි.
බස්නායක නිලමේවරයාගේ ලේකම් හා ඇත් ගොව්වා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS