එල්.ටී.ටී.ඊ.සංවිධානයට උතුරු නැගෙනහිර පළාත් වල යළි ප්‍රතිසංවිධානය වීමට ප්‍රබල අවශ්‍යතාවයක් අති බව පෙනෙන්නට අතැයි වනිතා කටයුතු පිළිබද රාජ්...
එල්.ටී.ටී.ඊ.සංවිධානයට උතුරු නැගෙනහිර පළාත් වල යළි ප්‍රතිසංවිධානය වීමට ප්‍රබල අවශ්‍යතාවයක් අති බව පෙනෙන්නට අතැයි වනිතා කටයුතු පිළිබද රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් මහත්මිය ඊයේ (1) යාපනයේදී පැවසීය.
යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයක් අමතමින් කතා කළ රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ ඒ සදහා සූදානම්වීම් හා අත්හදා බැලීම් සිදුවන බවට නිතර නිතර තොරතුරු ලැබෙන බවයි.
මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ උතුරු නැගෙනහිර ජනතාව ඔවුන්ගේ හදවත් හා ජීවිතවලින් කිසි දිනක එල්.ටී.ටී.ඊ.සංවිධානය බැහර කිරීමට ඇති අකැමැත්ත නිසා යැයි පැවසූ අමාත්‍යවරිය එල්.ටී.ටී.ඊ.ක්‍රියාකාරකම් වලට සාමාන්‍ය ජනතාව ඔවුන්ට සහය ලබා දෙන්නේ එම හේතුව නිසා බවද ප්‍රකාශ කොට තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS