රාජ්‍ය නිලධාරියෙකු නීතිවිරෝධි ලෙස ස්ථාන මාරුකිරීම හේතුවෙන් වරදකරු වු හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න තවදුරටත් ජාතික ස්වර...
රාජ්‍ය නිලධාරියෙකු නීතිවිරෝධි ලෙස ස්ථාන මාරුකිරීම හේතුවෙන් වරදකරු වු හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න තවදුරටත් ජාතික ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ධුරයෙහි තැබීම පිළිබඳ ජනාධිපතිවරයා අවදානය යොමුකළ යුතු බව ගුරු විදුහල්පති පෙරමුණ පවසයි.
ඒ කොළඹදී ඊයේ (01)පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
එහි කැඳවුම්කරු මහින්ද ජයසිංහ මහතා මෙසේ අදහස් දැක්විය.
“පේෂල ජයරත්න පුවත්පතකට කියලා තියෙනවා 5000 ගානේ ගෙවන්නම් කියලා. මේ වෙනකොටත් පේෂල ජයරත්න ලක්ෂ ගානක මාසික වැටුපක් ගන්න මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා. එහෙම කරන කෙනෙක් මේ රුපියල් 5000 ගානේ දෙන්න පුළුවන් කියන්නේ මේ එකක් නඩු තීන්දුව හෑල්ලු කිරීමක්, උසාවියට අපහස කිරීමක්. ඒ නිසා ජනාධිපතිවරයාගේ පැත්තෙනුත් කල්පනා කරලා බලන්න වෙයි මෙහෙම රාජ්‍ය නිලධාරින්ට අපහාස කරපු, ඔවුන්ට අඩන්තේට්ටම් කරපු නීති විරෝධී ලෙස ස්ථාන මාරු කරපු මහ ඇමතිවරයා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස තවදුරටත් තියා ගන්නවද කියන කාරණය පිළිබඳවත් සිතා බලන්න ඕනේ.”
COMMENTS