මාතරදී පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකු මියයාමේ සිද්ධිය කාගේ හෝ අනුදැනුමකට කළ මිනිමැරුමක් දැයි සැක සහිත බව අමාත්‍ය මංගල සමරවීර පවසයි. මාතර ප...
මාතරදී පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකු මියයාමේ සිද්ධිය කාගේ හෝ අනුදැනුමකට කළ මිනිමැරුමක් දැයි සැක සහිත බව අමාත්‍ය මංගල සමරවීර පවසයි.
මාතර ප්‍රදේශයේ පෙරේදා (30) දින පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්විය.
“මම කිව්වා පාතාලයට වුණත් නීතිය අධිපත්‍යය තියෙන්න ඕනෙයි කියලා. ඒකෙන් මම අදහස් කලේ නැහැ අර අහිංසක තමන්ගේ රාජකාරිය කරපු පොලිස් නිලධාරියාව මරපු එක සාධාරණයි කියලා. ඒක සාධාරණය වෙන්නේ අපි නීතියෙන් මිනීමරුවන්ට දඬුවම් දුන්නා නම්. එහෙම නැත්තම් ඒකෙන පේනවා මේ කරගෙන ගියේ ඇත්ත වශයෙන්ම කාගේ වුවමනාවට හරි කරපු මිනීමැරුමක් කියලා. මම දැක්කා ඒකෙ තියෙනවා ඒ ආයුධ ප්‍රබල දේශපාලඥයෙක්ගේ කියලා. ඊට පස්සේ මම දැක්කා නාමල්ගේ කට්ටිය කියනවා ඒවා මගේ කියලා. හතුරොත් දන්නවා, මිතුරොත් දන්නවා ඔය අවි ආයුධ එක්කවත් කිසිම සෙල්ලමක් තිබුනේ නැහැ. බැරිම වුණොත් කුරුදු පොල්ලක් අතට ගත්තා විතරයි. ඒකත් පොඩ්ඩක් ජිවිත ආරක්ෂාවට.”
එම වීඩියෝව පහතින්,
COMMENTS