නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමති, නලීන් බණ්ඩාර මහතා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවෙන් ණය ලබාගෙන නොගෙවා සිටීම පිළිබඳව එම බැංකුව විසින් කුලියාප...
නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමති, නලීන් බණ්ඩාර මහතා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවෙන් ණය ලබාගෙන නොගෙවා සිටීම පිළිබඳව එම බැංකුව විසින් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබෙන නඩුවට ඔහු පෙනී නොසිටින බව අනාවරණය වේ.
ඇමති නලින් බණ්ඩාරට විරුද්ධව පවරා තිබෙන නඩුවේ අංකය 75/එම්./2015 වේ. ඔහු ණය මුදල ලබාගෙන ඇත්තේ, 00520 48000 2301 දරන ගිණුම් අංකය යටතේය. ගෙවීම් පැහැර හැර ඇති මුදල රුපියල් අනූඅට ලක්ෂ හතලිස්හත් දහස් හාරසිය හැටනවයක් (රු. 9,847,469)වේ. ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ වෙන්නප්පුව ශාඛාවෙන් මුදල් ලබාගෙන ඇත්තේ ලීසිං පහසුකමක් වශයෙන්ය.
නලීන් බණ්ඩාරට අයත් “සෙනෙක් කන්ට්‍රක්ෂන්” ආයතනය මගින් “එක්ස්කැවේටර්” යන්ත්‍රයක් මිලදීගෙන ඇත. මෙම යන්ත්‍රය උමාඔය ව්‍යාපෘතියේ කටයුතු වෙනුවෙන් කොන්ත්‍රාත් පදනම මත රාජපක්ෂ පාලන සමයේදී යොදවා තිබේ. නමුත් ලීසිං වාරික නොගෙවීම නිසා නඩු පවරා තිබුණද, මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව අධිකරණය මගහැර සිටින බව ඉරිදා ජාතික පුවත්පතක් අනාවරණය කර තිබේ.
මෙයට අදාළ නඩුව සැප්තැම්බර් මස 21 වන දින නැවත කැඳවීමට නියමිතය.
COMMENTS