බදුල්ල මහ නගර සභාවේ මාසික සභා රැස්වීමේ දී පාලක ආණ්ඩු පක්ෂය පොදුජන පෙරමුණ නියෝජනය කරන බාලගේ ආතර් සිල්වා නාගරික මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ සි...
බදුල්ල මහ නගර සභාවේ මාසික සභා රැස්වීමේ දී පාලක ආණ්ඩු පක්ෂය පොදුජන පෙරමුණ නියෝජනය කරන බාලගේ ආතර් සිල්වා නාගරික මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට පැමිණ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරිමට විපක්ෂයේ අසුන් ගෙන තිබේ.
පාලක පක්ෂයේ නීතිවිරෝධි ක්‍රියාවක් පිළිබඳව කළකිරිම මෙසේ ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීනව කටයුතු කිරිම සඳහා විපක්ෂයට ගොස් අසුන් ගන්නා බව පවසා මන්ත්‍රීවරයා විපක්ෂයට ගොස් අසුන් ගත්තේය.
බදුල්ල මහ නගර සභාවේ මාසික සභා රැස්වීම ඊයේ (31) පස්වරුවේ බදුල්ල සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි නගර සභා රැස්වීම් ශාලාවේ දී බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
COMMENTS