මාධ්‍ය තුල මෙන්ම දේශපාලන වේදිකාවේද දැඩි කතා බහක ලක්ව ඇති මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද (31) පස්වරු 1.40 පමණ ඇන්ටනොවූ වර්ගයට අයත් AD...
මාධ්‍ය තුල මෙන්ම දේශපාලන වේදිකාවේද දැඩි කතා බහක ලක්ව ඇති මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද (31) පස්වරු 1.40 පමණ ඇන්ටනොවූ වර්ගයට අයත් ADB 2540 වර්ගයේ විශාල ගුවන්යනාවක් ගොඩබස්වා තිබේ .
ඉන්දුනීසියාවේ සිට මස්කට් දක්වා ගමන් කිරීමට පැමිණ ඇති මෙම ගුවන්යානාව 19 දෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩල විවේකය සදහා මෙන්ම තෙල් ලබා ගැනීම සදාහ මත්තල ගුවන්තොටුපොළ භාවිතා කල බවයි ගුවන්තොටුපොළ නිලධාරියෙකු කියා සිටියේය.
මත්තල ගුවන්තොටුපොළේ ඇති පහසුකම් මෙන්ම එය දැඩි සේ කාර්යබහුල නොවීමත් නිසා ඇන්ටනොවූ ගුවන් යානා මත්තල ගුවන්තොටුපොළ භාවිතා කිරීම මසුගිය කාලය පුරාවටම සිදු කෙරිණි ඒ අතර පසුගිය අප්‍රේල් මස 18 වනදා ලොව විශාලතම ගුවන්යානාවක් වන antano 225 වර්ගයට අයත් ගුවන්යානය ද මත්තල ගුවන්තොටුපොලතුල ගොඩබස්වන ලදී.
(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට)
COMMENTS