වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු කෙරෙන බව කියන දූෂිත ක්‍රියා මර්දනය කිරීම සඳහා බන්ධනාගාර මූලස්‌ථානයේ සිට ආරක්‌ෂක කැමරා පද්ධතියක් ක්‍රියාත්මක කි...
වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු කෙරෙන බව කියන දූෂිත ක්‍රියා මර්දනය කිරීම සඳහා බන්ධනාගාර මූලස්‌ථානයේ සිට ආරක්‌ෂක කැමරා පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
දැනට මෙම බන්ධනාගාරයේ තිබෙන කැමරා පද්ධතිය වෙනුවට තවත් කැමරා කීපයක් සවි කිරීමට බන්ධනාගාර මූලස්‌ථානය බලාපොරොත්තු වෙයි. මෙම කැමරා පාලනය කිරීමේ කටයුතු මෙතෙක් කලක් සිදු කර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයෙන් වන අතර මෙම ආරක්‌ෂක කැමරා පද්ධතිය බන්ධනාගාර මූලස්‌ථානයේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අතර හදිසියේ ධනවතුන් වූ බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් සොයා බැලීමටද ක්‍රියාමාර්ගයක් ගන්නා බව බන්ධනාගාරය කියයි.
මේ අතර මහා පරිමාණයේ මත්කුඩු සිරකරුවකු වූ සුසෙයි රඳවා සිටි ඉහළ මහලයේ සිරමැදිරියෙන්, දැන් ඔහු පහත මාලයේ රඳවා සිටින 'වෙලේසුදා' සිටින සිරමැදිරිය අසලට මාරු කර තිබේ.
COMMENTS