ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහුට ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීම...
ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහුට ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (20) දහවල් ඒ මහතා මිය ගිය බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මිය යන විට ඔහු 68 වැනි වියේ පසුවිය.
සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය කලාවද ජයගත් චරිතාංග නළුවෙකු වන විමල් කුමාරද කොස්තා මහතා සියල්ලන් අතර ජනප්‍රිය වූයේ 'කොස්තා' යන නමිනි.
සාගරිකා, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, සරුංගලය, මරුවා සමග වාසේ යන යන චිත්‍රපට වලට දායක වෙමින් ඔහු විශිෂ්ට රංගන ප්‍රතිභාවක් නිරූපණය කළේය.
COMMENTS