බන්ධනාගාරය තුළ පොලිස් ඒකකයක් පිහිටුවා තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි. ඒ ඊයේ (16 ) රත්නපුර ප්‍රදේශ...
බන්ධනාගාරය තුළ පොලිස් ඒකකයක් පිහිටුවා තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.
ඒ ඊයේ (16 ) රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එහිදී ඒ මහත්මිය මෙසේ අදහස් දැක්විය.
“බුද්ධි අංශයක් නෙමෙයි නේ අපි දැන් බන්ධනාගාර පොලීසියක් ස්ථාපිත කරලා තියෙන්නේ .ඒක නීත්‍යානුකූල බලයක් තිබෙන ස්ථානයක් බවට පත් කරනවා.බන්ධනාගාර කටයුතුවලදී ක්‍රියාත්මක වෙන්න. මේ බුද්ධි අංශය කියන එක හදලා තියෙන්නේ 2010 .අවුරුදු 08 ක් යනකල් ඒ ගැන ඒ ගොල්ලෝ කරන වැටලීම් ක්‍රියාත්මක කරන දේ සම්බන්ධව කිසිම කෙනෙක්ගේ වගකීමක් තිබුණේ නැහැ.ඉතිං ඕන වෙලාවට සමහර ගන්න තීරණ උසස් නිලධාරීන්ගේ අවශ්‍යතාවයට සමහර විට වටේ ඉන්න දේශපාලඥයින්ගේ අවශ්‍යතාවය මත නැවැත් වුවා.එහෙම වෙන්න බැහැ.බන්ධනාගාරය තුළ නිලධාරීන් හැටියට කටයුතු කරන අය හොද විනයක් තියෙන අය විය යුතුයි.මොකද සමාජයේ සාමාන්‍ය පරිසරය තුළ ජීවත් වන අය පිරිසක් නොවෙයි බන්ධනාගාරය තුළ ඉන්නේ .ඒ අයට මානුෂික හැගීමක් ඇතිව ඒ සියලු දෙනා වගේම අයිතිවාසිකම් එක විදිහට ආරක්ෂා වෙන කොටසක් විය යුතුයි.”
“එහෙම ප්‍රශ්නයක් තිබුණා ද .වහලය උඩ නැගලත් තමන්ට අවශ්‍ය ඕන දේ වෙනුවෙන් ඉල්ලන්න.අද බලන්නකෝ ඒ ගොල්ලන්ගේ ඉල්ලීම්.ඒ තරමටම අද නිදහස ඇති වෙලා තියෙනවා.ඉතිං සන්තෝෂ වෙන්න ඕන .නොයෙකුත් හේතු නිසා සිරගත වෙලා ඉන්න .ඒ අයව මේවා ඇතුළේ සිරගත කරලා තියා ගන්න නෙමෙයි .අපේ අවශ්‍යතාවය ඒ අයට වෙච්ච වැරදි නිවැරදි කරලා බන්ධනාගාරය තුළ මුහුණුවර මීටත් වඩා වෙනස් ආකාරයකින් ඒවා නිවැරදි කිරීමේ මධ්‍යස්ථාන බවට පත් වෙන්න ඕන .ඔබ දන්නවා පසුගිය දවස්වල ලොකු තීරණයක් ගන්න වුණා.බන්ධනාගාර තුළ ඉද ගෙන පාතාලය මෙහෙයවන අයගේ අවශ්‍යතා නිසා ක්‍රියාත්මක වන මත් කුඩු ව්‍යාපාරය නිසා මේ රටේ ඇති වෙලා තිබෙන හානිය.මේ වන විට මගේ සමහර නිලධාරීන්ට මරණිය තර්ජන එල්ල වෙන්න පටන් ආර ගෙන තියෙනවා .ඒ හැම එකකටම මුහුණ දෙන්න බලාපොරොත්තුවෙන් අපි අමාත්‍යාංශයක් හා දෙපාර්තමේන්තුවක් ලෙස තීන්දු ගන්නවා.” යැයි ද අමාත්‍යවරිය සදහන් කළාය.
COMMENTS