ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණවලට එරෙහිව කටයුතු කිරීමට ශ්‍රීලනිපයේ ප්‍රබල ඇමැතිවරු 06ක් සූදානමින් සිටින බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි....
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණවලට එරෙහිව කටයුතු කිරීමට ශ්‍රීලනිපයේ ප්‍රබල ඇමැතිවරු 06ක් සූදානමින් සිටින බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ශ්‍රීලනිපයේ අනුරාධපුරයේ ප්‍රබල ඇමැතිවරයෙකු, කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරයෙකු, මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමැතිවරයෙකු, කෑගල්ල නියෝජනය කරන ඇමැතිවරයෙකු, එජාපයේ සිට ශ්‍රීලනිපයට පැමිණි ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන නියෝජ්‍ය ඇමැතිවරයෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමැතිවරයෙකු මෙලෙස පක්ෂයට එරෙහිව දැඩි තීන්දුවක් ගැනීමට සූදානමක් පවතින බව වාර්තා වේ.
එම ඇමැතිවරු පිරිස බොහෝදුරට එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
අගමැතිවරයාට එරෙහිව ගෙනෙන විශ්වාසභංගයේදී එම ඇමැති පිරිස පෞද්ගලික වාසි තකා ශ්‍රීලනිපයට එරෙහිව එම තීරණය ගැනීමට සූදානම් බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
COMMENTS