පෑන් ඒෂියා බෑන්කින් පීඑල්සී හි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද(15) සිට බලපැවැත්වෙන පරිදි මාස හය...
පෑන් ඒෂියා බෑන්කින් පීඑල්සී හි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද(15) සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාල සීමාවකට තවදුරටත් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත සහ දේශිය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් කරගෙන යාමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙම නියාමන ක්‍රියාමාර්ගය ක්‍රියාමාර්ගය මගින් රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙන්දේසි වලට පෑන් ඒෂියා බැංකුවට සහභාගීවීමට ඇති හැකියාව අත්හිටුවනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.
කෙසේ වෙතත් මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවාවන් සඳහා කිසිදු බලපෑමක් ඇති නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
COMMENTS