පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත ...
පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඔවුන් සැප්තැම්බර් මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
මේ අතර මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා උදර්පණ නීතිය යටතේ ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු නීතිමය පියවර ගෙන ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ.
COMMENTS