උතුරු පළාත බාරව සිටි හිටපු ජෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ගේ නඩුවට අදාලව ඒ සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගැනීම පිණිස යාපනයේ දෙ...
උතුරු පළාත බාරව සිටි හිටපු ජෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ගේ නඩුවට අදාලව ඒ සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගැනීම පිණිස යාපනයේ දෙමළ මාධ්‍යවේදියෙකුට ලබන 24 වෙනිදා කොළඹ ත්‍රස්ත මර්දන ඒකකය වෙත පැමිණෙන ලෙස පොලිස් මුලස්ථානය නියෝග කොට තිබේ.
නඩරාජා කුගරාජා නැමති මෙම ප්‍රාදේශීය මාධ්‍යවේදියා ත්‍රස්ත මර්දන ඒකකය විසින් කැදවා ඇත්තේ යාපනයේ පුංගුඩුතීව් ප්‍රදේශයේදී විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කොට මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් නැමැත්තා යාපනය පොලීසියේ අත් අඩංගුවේ පසු වූ අවස්ථාවේදී ඔහුව නිදහස් කිරීමට ලලිත් ජයසිංහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා උදව් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහාය.
ස්විස් කුමාර් ඇතුළු පිරිස පොලිස් අත් අඩංගුවේ සිටි අවස්ථාවේදී අදාල ප්‍රවෘත්තිය ලබා ගැනීම සදහා මෙම මාධ්‍යවේදියා පොලීසියට ගොස් සිටි අතර ඒ අවස්ථාවේදී යාපනය පොලීසිය වෙත පැමිණි ශ්‍රී ගජන් නැමති උපපොලිස් පරීක්ෂක වරයෙකු මැදිහත් වී ස්විස් කුමාර් සහ තවත් අයෙකු නිදහස් කළ බව ඔහුගේ ප්‍රවෘත්තියක වීඩියෝ දර්ශනද සහිතව ප්‍රචාරය කොට තිබේ.
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා රහස් පොලීසිය මගින් අත් අඩංගුවට ගැනීමත් සමගම උප පොලිස් පරීක්ෂක ශ්‍රී ගජන් අතුරුදහන් වී ඇති අතර ඔහුගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන්ද ලලිත් ජයසිංහ මහතාට චෝදනා එල්ල වුණි.
කෙසේ වෙතත් යාපනයේ කයිට්ස් අධිකරණය මගින් ව ඇප මත නිදහස් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ නඩු විභාගය ලබන ඔක්තෝබර් 10 වෙනිදා යළි විභාගවීමට නියමිතව ඇති අතරතුර යාපනයේ මාධ්‍යවේදියා ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කොළඹ ත්‍රස්ත මර්දන ඒකකය වෙත කැදවා තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS