දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවේ, විපක්ෂයේ වරප්‍රසාද ලබන අය අසත්‍ය පතුරුවමින් විකල්ප මාධ්‍ය අවහිර කිරිමට පාර කපයි
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවේ, විපක්ෂයේ වරප්‍රසාද ලබන අය අසත්‍ය පතුරුවමින් විකල්ප මාධ්‍ය අවහිර කිරිමට පාර කපයි

PropellerAds

පටු දේශපාලන උවමනාවන් මත ආණ්ඩුවේ, විපක්ෂයේ මෙන්ම විවිධ කල්ලි කණ්ඩායම් වල වරප්‍රසාද ලබන අය අසත්‍ය පතුරුවමින් විකල්ප මාධ්‍ය අවහිර කිරිමට පාර ...

ජනපතිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ සම්මානයක් 
මහ කොමසාරිස්ට පහරදුන් 5ක් අත්අඩංගුවට
බීමට ජලය ඉල්ලා දික්කුඹුරේ උද්ඝෝෂණයක් (PHOTOS)
ආණ්ඩුවේ, විපක්ෂයේ වරප්‍රසාද ලබන අය අසත්‍ය පතුරුවමින් විකල්ප මාධ්‍ය අවහිර කිරිමට පාර කපයි

පටු දේශපාලන උවමනාවන් මත ආණ්ඩුවේ, විපක්ෂයේ මෙන්ම විවිධ කල්ලි කණ්ඩායම් වල වරප්‍රසාද ලබන අය අසත්‍ය පතුරුවමින් විකල්ප මාධ්‍ය අවහිර කිරිමට පාර කපමින් සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

පාසල් නිවාඩු මාසවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කරන බවට අධ්‍යාපන ඇමැතිවරයා ප‍්‍රකාශ කළ බව සඳහන් ව්‍යාජ ප‍්‍රවෘත්තියක් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය කිරිමත් එ හරහා රටේ සියළුම ගුරුවරුන් ඇතුළු බහුතරයක් රාජ්‍ය සේවකයන් කැළඹීමකට ලක්කිරිමට කිසියම් කණ්ඩායමක් උත්සහ දැරීමත් සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයේ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින්,

ආණ්ඩුවේ, විපක්ෂයේ මෙන්ම විවිධ කල්ලි කණ්ඩායම් වල වරප්‍රසාද ලබන අය අසත්‍ය පතුරුවමින් විකල්ප මාධ්‍ය අවහිර කිරිමට පාර කපනවා...

පාසල් නිවාඩු මාසවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කරන බවට අධ්‍යාපන ඇමැතිවරයා ප‍්‍රකාශ කළ බව සඳහන් ව්‍යාජ ප‍්‍රවෘත්තියක් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය කිරිමත් එ හරහා රටේ සියළුම ගුරුවරුන් ඇතුළු බහුතරයක් රාජ්‍ය සේවකයන් කැළඹීමකට ලක්කිරිමට කිසියම් කණ්ඩායමක් උත්සහ දැරීමත් සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය අවධානය යොමුකර තිබේ.

ඉරිදා පුවත්පතක පළ වූ ප‍්‍රවෘත්තියක් ලෙස හුවා දක්වමින් එම අසත්‍ය කරුණු කිසියම් පිරිසක් විසින් වෙබ් අඩවි සහ මුහුණුපොත ආදී සමාජ ජාලාවල පළකර තිබුණ අතර උසස් පෙළ විභාගයක් පවතින අවස්ථාවකදී ගුරුවරුන් සම්බන්ධයෙන් මෙවැනි කරුණු පළවීම මහජන කැළඹීමකට හේතුවිය හැකිය. එසේම එම පුවත් නිර්මාණය කළ පිරිසේ ප්‍රධාන අරමුණ වූයේද එවැනි මහජන කැළඹීමක් ඇති කිරීම බව අපගේ විශ්වාසයයි.

කෙසේවෙතත් අදාළ අසත්‍ය වාර්තාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස දන්වමින් අධ්‍යාපන ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අගෝස්තු 16 වෙනිදා ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සිදුවන පරික්ෂණ සම්බන්ධයෙන් අපිද අවධානයෙන් පසුවන බව පැවසීමට කැමැත්තෙමු.

රටේ මාධ්‍ය නිදහසට සaජු මෙන්ම වක්‍රව බලපෑම් එල්ල කරමින් සමාජ ජාලා සහ වෙබ් අඩවි ඉලක්ක කර දියත් කළ විවිධ ප්‍රහාර හා බලපෑම් පසුගිය ආණ්ඩුව සමයේ මෙන්ම වත්මන් ආණ්ඩුවේ ගෙවුනු වසර කිහිපය තුලදි දකින්නට ලැබුණි.එම බලපෑම් එල්ල කිරිමට ප්‍රධානතම හේතුව වි ඇත්තේ රටේ දේශපාලකයන්ගේ හොරකම්,මැරකම්,මුල්‍ය වංචා මෙන්ම ඝාතනයන් සම්බන්ධයෙන්ද සමාජ හමුවේ අනාවරණය කිරිම ට වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය ජාලාක්‍රියාකිරීම නිසා බව නොරහසකි.

විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය දේශපාලන අතකොලු බවට පත්ව විවිධ කල්ලි කණ්ඩායම් වෙනුවෙන් පෙනී සිටිමින් රටේ ජනතාව හමුවේ සිය විශ්වාසය බිඳගෙන ඇති අවස්ථාවක සමාජ ජාල සහ වෙබ් මාධ්‍යවේදීන් හරහා රටේ ජනතාව අතට පත්වන සත්‍ය තොරතුරු වල ඇති විස්වාසනීත්වය බිද දැමිම සදහා අවස්ථා ගණනාවකදිම විවිධ කුමන්ත්‍රණයන් දියත් වු බව දක්නට තිබුණි.

අවස්ථා ගණනාවකදි හිටපු ජනාධිපතිවරයා සිය පරාජයේ වගකිම සමාජ ජාලා සහ වෙබ් අඩවි මත පැටවු අතර වත්මන් ජනාධිපතිවරයා ද සිය නොහැකියාව වසා ගැනිමට ඇති අසමත්කම හේතුවෙන් අවස්ථා ගණනාවකදිම සමාජ ජාලා සහ වෙබ් අඩවි ඉලක්ක කර තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කළ අවස්ථාද මෑත ඉතිහාසය තුළ සුලභ විය. ඊට අමතරව සමස්ථයක් ලෙස ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ අසමත් කම හේතුවෙන් මහනුවර ඇති වූ සිද්ධියට අදාළ ව ෆේස්බුක් වෙබ් අඩවිය තහනම් කිරීම දක්වා ද එම තර්ජනයන් ගමන් කළෝය.

එවන් තත්ත්වයක් රටේ සමාජ ජාලා සහ වෙබ් අඩවි සම්බන්ධයෙන් උද්ගතව ඇති අවස්ථාවක රටේ හිටපු පාලකයින් මෙන්ම වත්මන් පාලකයන්ගේ හෙංචයියන් විසින් මේ අකාරයට අසභ්‍ය සහ අසත්‍ය තොරතුරු සමාජ ගත කිරිමට කටයුතු කරනුයේ පාලකයන්ට එය දඩමිමා කරගනිමින් සමාජ ජාලා සහ වෙබ් අඩවි වලට පහරදිම සදහා අවකාශ නිර්මාණය කිරිමට බව අපගේ අදහසයි.

එය තවදුරටත් තහවුරු වන්නේ සමාජ ජාලා සහ ඇතුම් වෙබ් අඩවි හරහා අසත්‍ය පතුරවන අදාළ කණ්ඩායම් ආණ්ඩුවේ, විපක්ෂයේ මෙන්ම විවිධ කල්ලි කණ්ඩායම් වල වරප්‍රසාද ලබන අය බව අනාවරනය විම හරහාය.

සමාජ ජාලා මෙන්ම අන් කවර වර්ගයක වුවද මාධ්‍යයක් හරහා රටේ සෑම පුරවැසියෙකුටම අහිතකර තත්ත්වයක් උදා වන්නේ නම් ඒ සදහා නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට ඇති අයිතියට අපි කිසිදු මොහොතක අභියෝග නොකරමු. නමුත් සිදුවෙමින් පවතින මේ ක්‍රියාමාර්ගය තුළින් විද්‍යාමාන වන්නේ විවිධ වර්ගයේ හෙංචයියන් යොදවා ගනිමින් රටේ මාධ්‍ය නිදහසට සaජු මෙන්ම වක්‍රව බලපෑම් එල්ල කරමින් සමාජ ජාලා සහ වෙබ් අඩවි මර්දනය කර ආණ්ඩුවේ නොහැකියාවන් වසා ගැනිමට හා රටේ ජනතාවට දැනගැනිමට ඇති අයිතිය උදුරා ගැනිමට දරනා උත්සහයයි . එය එසේ නම් එයට එරෙහිව සටන් කිරිමට වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සුදානම් බවද තරයේ අවධාරණය කර තබමු.

ස්තූතියි,
මෙයට,

චතුරංග ද අල්විස්
සභාපති

හසිත මානන්දුව
ලේකම්

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ, විපක්ෂයේ වරප්‍රසාද ලබන අය අසත්‍ය පතුරුවමින් විකල්ප මාධ්‍ය අවහිර කිරිමට පාර කපයි
ආණ්ඩුවේ, විපක්ෂයේ වරප්‍රසාද ලබන අය අසත්‍ය පතුරුවමින් විකල්ප මාධ්‍ය අවහිර කිරිමට පාර කපයි
http://am.lk/media/k2/items/cache/5d58994b0ea290d365decae07f9d5708_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_184.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_184.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy