ජ නාධිපති අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත් නොකළහොත් පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මාතලේට පය තැබීමට ඉඩ නොතබන බව මාතලේ එජාප ...
ජනාධිපති අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත් නොකළහොත් පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මාතලේට පය තැබීමට ඉඩ නොතබන බව මාතලේ එජාප නගරාධිපති ඩල්ජිත් අලුවිහාර මහතා පවසයි.
නගර සභාවේදී පෙරේදා (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මෙම අදහස පළ කළ නගරාධිපතිවරයා, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත්
නොකළහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට බැහැලම වැඩ කරන බවද පැවැසීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ හොඳ ගමනක් යෑමේ හැකියාව තිබූ නමුත් රනිල් වික්‍රමසිංහ නායකතුමා වටේ කැරකෙන වජිර, දයා ගමගේ සහ තිලක් මාරපන වැනි අයවලුන්, රනිල් - මෛත්‍රි සුසංයෝගය කඩා වැටීමට බලපා ඇති බවද නගරාධිපතිවරයා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය මුදලට යට නොවුණු පක්ෂයක් බවත් සජිත් ප්‍රේමදාසට තැන නොදුනහොත් එජාපයට කිසිදා ඉදිරියට යෑමේ හැකියාවක් නොලැබෙන බවත් ඩල්ජිත් අලුවිහාර මහතා පැවැසීය.
2015දී ආණ්ඩුවක් පිහිටෙව්වා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කැපවීම තුළ ආණ්ඩුව හැදුවා.
ජනාධිපතිටත් කොළේ වහලා ගැහුවා.
ඒකයි ආණ්ඩුවට වුණේ. ජනාධිපතිගේ නම කෑවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ හිටියා නම් රට හොඳ තැනකට ගන්න තිබුණා.
සජිත් ප්‍රේමදාස මහතාට මෙම තත්ත්වය වෙනස් කර ගැනීමට හැකියි. මේ නිසා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය උදෙසා කැපවීමට තීරණය කළා.
මාතලේ - හේවා පී. කරුණාරත්න

COMMENTS