ඉ දිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන් යෝජනා වූවොත් ඒ සඳහා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර...
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන් යෝජනා වූවොත් ඒ සඳහා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයට අනිවාර්යෙන්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් අපේක්ෂකයෙකුට සහාය දීමටත් තීරණය කළහොත් විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ට සිදුවන බවද ඔහු පැවසුවේ එම සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසන්නේ කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපති අපේක්ෂක කිරීමට කිසිදු අදහසක් නැති බවයි.
මධ්‍යම කාරක සභාව හෝ පක්‍ෂ සභාපතිවරයා එවන් තීන්දුවක් මේ වන තෙක් ගෙන නැති බවද ඔහු සඳහන් කළේය.

COMMENTS