වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ සිද්ධීන්වලින් පසුව වෙනත් බන්ධනාගාරවලට මාරු කර යැවුණු එහි නිලධාරීන් 25 දෙනාගේ එම මාරු කිරීම් කිසිවිටෙකත් අවලංගු න...
වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ සිද්ධීන්වලින් පසුව වෙනත් බන්ධනාගාරවලට මාරු කර යැවුණු එහි නිලධාරීන් 25 දෙනාගේ එම මාරු කිරීම් කිසිවිටෙකත් අවලංගු නොකරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය ෂාරති දුෂ්මන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ කණක හේරත් මන්ත්‍රීවරයා මේ පිළිබඳව නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
නියෝජ්‍ය ඇමැති ෂාරති දුෂ්මන්ත මහතා මෙසේද කීය.
“මේ මාරුවීම් සම්බන්ධයෙන් විවිධ පුවත්පත්වල විවිධ දේවල් පලවී තිබුණා. නමුත් කිසිවිටෙකත් ඒ ස්ථාන මාරුවීම් අවලංගු කරන්නේ නැහැ. එහෙම තීරණයක් ගෙන නැහැ. නමුත් ඒ මාරු කිරීම් පදනම් කරගෙන යම් යම් ඉල්ලීම් කිහිපයක් ලැබී තියෙනවා. මානුෂිය ඉල්ලීම් කිහිපයක්. බන්ධනාගාරවල විමර්ශන කටයුතු ද දිගින් දිගටම කරනවා. ඒවා නවත්තන්නේ නැහැ. පස්සට දාන්නෙත් නැහැ. බන්ධනාගාරවල අයථා ක්‍රියා නැවත්වීමට රජය උපරිම ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. කාන්තා රැඳවියන් අලුත් බන්ධනාගාරවලට මාරු කර යැවීමට කටයුතු කරගෙන යනවා.”
පසුගියදා බන්ධනාගාර අධිකාරිවරයා විසින් ස්ථාන මාරුවීම් සිදු කරන බවද පැවසීය.
බන්ධනාගාර අධිකාරිවරයාගේ මේ තීරණය නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රතික්ෂේප කරනු ලැබීය.
COMMENTS