හැටන් පොලිස් වසමට අයත් ස්ටැඩන් වතු යායේ තේ වත්තේ කොටසක් නායයාමේ භු ලක්ෂණ මතු වු නිසා එම වතු යායේ පදිංචි පවුල් 23 ක සමාජිකයන් 54 දෙනෙකු ආරක...
හැටන් පොලිස් වසමට අයත් ස්ටැඩන් වතු යායේ තේ වත්තේ කොටසක් නායයාමේ භු ලක්ෂණ මතු වු නිසා එම වතු යායේ පදිංචි පවුල් 23 ක සමාජිකයන් 54 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව හැටන් පොලිසිය කියති.
මහවැලි ගගේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ඉහලින් ගතවු දින කිහිපය තුල මධ්‍යම කදුකරයට බල පැ දැඩි අයහපත් කාලගුණයත් සමග එම තේ වත්තේ කොටසක් ගිලා බැසිමට ලක් වි ඇති බව වතු පාලන අධිකාරිය පවසන්නේය.
එම නායයාමේ අවධානම පවතින ස්ථානයට පහලින් වතු නිවාස වල පදිංචිකරුවන් මෙසේ ආරක්ෂිත ස්ථාන කරා යොමු කරනු ලැබුවේය.
එම පවුල් වල සමාජිකයන් හැටන් ෆෘට්හිල් දමිල මහ විද්‍යාලයේ තාවකාලිකව නතර කර ඇති අතර , ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සහ යටිතල පහසුකම් ගිනිගත්හේන ප්‍රාදේශිය කාර්යයාල මගින් ලබා දි ඇත.
නායයාමේ අවධානමට ලක් වි ඇති ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් පැමිණ පරික්ෂන පැවැත් විමට නියමිතය.
COMMENTS