ඊයේ (17) අලුයම 3.00ට පමණ නොච්ච්යගම පොලිසිය තුළට කිඹුලෙකු පැමිණ තිබේ. එම පොලිසිය අසල ඇති බණ්ඩාරනායක විදුහල දෙසින් පැමිණ ඇති එම කිඹුලා අපරා...
ඊයේ (17) අලුයම 3.00ට පමණ නොච්ච්යගම පොලිසිය තුළට කිඹුලෙකු පැමිණ තිබේ.
එම පොලිසිය අසල ඇති බණ්ඩාරනායක විදුහල දෙසින් පැමිණ ඇති එම කිඹුලා අපරාධ විමර්ශන අංශයේ අගුලු නොදමා තිබු දොර ද විවෘත කරගෙන ඇතුළට පැමිණ සිටි බව එහි නිලධාරීන් ප්‍රකාශ කරයි.
එදින උදෑසන වනතුරු එම කාමරය තුලම කිඹුලාට සිටීමට ඉඩහැර ඇති පොලිස් නිලධාරීන් මේ බව වන ජීවී නිලධාරින්ට දැනුම් දී ඇත.
පසුව පොලීසියට පැමිණි වන ජීවී නිලධාරීන් එම කිඹුලා වනයට මුදාහැරීම සඳහා ගෙන ගොස් තිබේ.
දිගින් අඩි 09ක් පමණ වූ කිඹුලාගේ පැමිණීම නිසා උදය වරුවේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සඳහාද බාධා පැමිණ ඇත.
වීඩියෝව පහතින්.
COMMENTS