මින්නේරිය ජාතික වන උද්‍යානය තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ. මින්නේරිය වනජීවි කාර්යාලයේ රදවාගෙන සිටි සැකකරුවෙකුව ඊයේ (26) රාත්‍රියේ නා...
මින්නේරිය ජාතික වන උද්‍යානය තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.
මින්නේරිය වනජීවි කාර්යාලයේ රදවාගෙන සිටි සැකකරුවෙකුව ඊයේ (26) රාත්‍රියේ නාදුනන පිරිසක් පැමිණ නිලධාරින්ට පහර දී රැගෙන ගොස් ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් මෙම ජාතික වනඋද්‍යානය තාවකාලිකව වසා දමා ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
සියයකට අධික පිරිසක් මෙලෙස පැමිණ ඇති අතර පහර කෑමට ලක් වු මින්නේරිය වන ජිවි කාර්යාලයේ සිටි නිලධාරින් 6 දෙනෙකු තුවාල ලබා හඹරණ රෝහලට ඇතුළත් කර තිබේ.
බල පත්‍ර නොමැතිව ධීවර කටයුතුවල නිරත සිටියදියි ඊයේ මෙම සැකකරු වනජීවි නිළධාරින් විසින් අත්අඩංගුව ගෙන ඇත.
මෙම ධීවරයින් ධීවර කටයුතුවල නිරතවන මුවාවෙන් වන උද්‍යානයට පිවිස සතුන් දඬයම් කළ අවස්ථාද මිට පෙර අවස්ථා කිහිපයකදිම සිදු වි ඇති බව ද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් හඹරණ පොලීසිය පරික්ෂණ පවත්වයි.
COMMENTS