දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අලුත් පක්ෂයක් පිහිටූ හේතුව විග්නේශ්වරන් කියයි
Homeප්‍රවෘත්ති

අලුත් පක්ෂයක් පිහිටූ හේතුව විග්නේශ්වරන් කියයි

PropellerAds

දෙමළ ජනතා පක්ෂය (TMK) නමින් නව දේශපාලන පක්ෂයක් තමන් විසින් පිහිටුවන ලද්දේ දෙමළ ජාතික සන්ධානය තුළ බෙදීම් ඇති කිරීමට නොවන බව එම පක්ෂයේ නායක ...

මා හිරෙන් නිදහස් කරනවාට අගමැති බිරිද මෛත‍්‍රී වික‍්‍රමසිංහ දැඩිව විරුද්ද වුණා.. 18 අවුරුද්දක් මා හිරේ තියන්නයි බැලුවේ - ඥාණසාර හිමි
මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක වෙඩි උණ්ඩ 93ක් සමග අත්අඩංගුවට
මලික්ගේ යකඩ වැඩපල සාගල ප්‍රතික්ෂේප කිරීමෙන් කැබිනට්ටුව ගිනිගනියි !
අලුත් පක්ෂයක් පිහිටූ හේතුව විග්නේශ්වරන් කියයි

දෙමළ ජනතා පක්ෂය (TMK) නමින් නව දේශපාලන පක්ෂයක් තමන් විසින් පිහිටුවන ලද්දේ දෙමළ ජාතික සන්ධානය තුළ බෙදීම් ඇති කිරීමට නොවන බව එම පක්ෂයේ නායක සී.වී.විග්නේස්වරන් මහතා පැවසීය.

ඔවුන්ගේ ඇතැම් ප්‍රතිපතිති නිසා තමන්ට තවදුරටත් ඔවුන් සමග එකට එක්ව දේශපාලනයේ නිරතවීමට නොහැකි වූ වාතාවරණයක් ගොඩ නැගීම නිසා  තමන්ට එවැනි තීරණයක් ගැනීමට සිදු වූ බව විග්නේස්වරන් මහතා කියා සිටියේ ටී.එම්.කේ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම යාපනයේ නල්ලූර් කන්දසාමී කෝවිල් පාරේ පිහිටි විග්නේස්වරන් මහතාගේ නිවසේ පැවති අවස්ථාවේදීය.

මේ මධ්‍යම කාරක සභාවේදී දෙමළ ජනතා පක්ෂයේ මධ්‍යම කාරක සභාව සංශෝධනයට ලක් කරමින් විසි දෙදෙනෙකුගෙන් සමන්විත නව මධ්‍යම කාරක සභාවක්ද පිහිටුවා ගෙන තිබේ.

තව දුරටත් අදහස් දැක්වූ  සී.වී.විග්නේස්වරන් මහතා කියා සිටියේ තම පක්ෂය  ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට ගෙන යාමට සූදානම් බවයි.

දෙමළ ජාතික සන්ධානය ඉතාමත්ම යටි කූට්ටු වැඩ පිළිවෙලක් දියත් කරමින් තමන්ව එම පක්ෂයෙන් ඈත් කිරීමට කටයුතු  කළ බවත්

කුමන හේතුවක මතවත් තමන් මීළගට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යධුරයට තරග කිරීමට ගෙන ඇති තීරණය වෙනස් නොකරණ බවත් ඔහු මෙහිදී කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රජාතාන්ත්‍රීය භාවය මේ දිනවල ඉතා හොදින් ප්‍රදර්ශනය වන බව උදාහරණ සහිතව පෙන්වා දුන් සී.වී.විග්නේස්වරන් මහතා ඔවුන්ගේ උගුලේ හසුවෙතැයි බියෙන් සිටින උතුරේ දෙමළ දේශපාලනඥයින්ට තම පක්ෂයට එකතුවන ලෙස ආරාධනාවක්ද කළේය.

තමන් විසින් පිහිටුවා ගන්නා ලද දෙමළ ජනතා පක්ෂය යළි කිසිම විටක දෙමළ ජාතික සන්ධානය සමග ගණුදෙණුවක් නොකරණ බවත් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගොස් සිටින සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානය සමගත් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ සමගත් ඕනෑම වේලාවක කටයුතු කිරීමට ගණුදෙණු කිරීමට සූදානම් බවද සී.වී.විග්නේස්වරන් මහතා මෙහිදී කියා සිටියේය.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලුත් පක්ෂයක් පිහිටූ හේතුව විග්නේශ්වරන් කියයි
අලුත් පක්ෂයක් පිහිටූ හේතුව විග්නේශ්වරන් කියයි
http://am.lk/media/k2/items/cache/d6fa72ab84c310b419fae82654d03e1d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_941.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_941.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy