දුම්වැටි සඳහා පනවා ඇති අධික බදු පහළ දැමීමේ අරමුණින් ඊට අවශ්‍ය ජනමතයක් නිර්මාණය කිරීමට දුම්කොළ සමාගම් අනුගමනය කරන සැලසුම් පිළිබඳව සෞඛ්‍ය,පෝ...
දුම්වැටි සඳහා පනවා ඇති අධික බදු පහළ දැමීමේ අරමුණින් ඊට අවශ්‍ය ජනමතයක් නිර්මාණය කිරීමට දුම්කොළ සමාගම් අනුගමනය කරන සැලසුම් පිළිබඳව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (20) අනාවරණයක් කළේය.
දුම්කොළ සමාගම් නීති විරෝධි සිගරට් ගෙන්වා එම සිගරට් භාවිතය වැඩි වන බවට රට තුල ජනමතයක් ඇති කිරිමට උත්සාහ කරන බවට අමාත්‍යවරයා එහිදි චෝදනා කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ හොරණ ප්‍රදේශයේ අලුතින් ඉදිකළ රජයේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍යවරයා සහභාගි වූ අවස්ථාවේදීයී.
දේශීය පෞද්ගලික සමාගමක් විසින් ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලාවේ ආයෝජන මුදල රුපියල් බිලියන 2.5 කි.
ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 450 කට මෙමගින් රුකියා හිමි වෙයි.
ඖෂධ, ඖෂධ ආලේපන, සුවඳ විලවුන් නිෂ්පාදනය කරන මෙම කර්මාන්ත ශාලාවේ යුරෝපා සංගමයේ ඖෂධ කර්මාන්ත ශාලා ඖෂධ නිෂ්පාදනය කරන ආකාරයට නිෂ්පාදන කටයුතු සිදු කරයි.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරිම සදහා ආයෝජකයින් 46 දෙනෙකු සමග රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ගිවිසුම් අත්සන් කර ඇත.
ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඖෂධ ආනයනය කිරිම සදහා රුපියල් බිලියන 45 ක මුදලක් වැය වන අතර එම මුදල ඉතිරි කර ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ නිෂ්පාදනය මෙරටදීම ආරම්භ කිරිම සදහා ඖෂධ කර්මාන්ත ශාලා ස්ථාපිත කිරිමට තීරණය කරන ලදි.
ඒ අනුව මහනුවර, හොරණ, රත්මලාන, කළුතර යන ප්‍රදේශවල කර්මාන්තශාලා 05 ක් මේ වන විට ඖෂධ නිෂ්පාදනය සිදු කරයි.
වසර 2020 වනවිට මෙරටට අවශ්‍ය ඖෂධ සියයට 85 ක් මෙරටදීම නිෂ්පාදනය කිරීම සදහා මෙම පියවර ගෙන ඇත.
COMMENTS