සමස්ත ශ‍්‍රී ලංකාවටම මහත් ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය හා මර්දනය සඳහා ජනාධිපතිවරයා විසින් ගෙන යන වැඩපිළිවෙලේ දී පාසල් දරුවන් ප...
සමස්ත ශ‍්‍රී ලංකාවටම මහත් ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය හා මර්දනය සඳහා ජනාධිපතිවරයා විසින් ගෙන යන වැඩපිළිවෙලේ දී පාසල් දරුවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුව තිබෙන අතර, ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියක් ප‍්‍රකාශයට පත් කර තිබේ.
පාසල් සිසු සිසුවියන් මත්ද්‍රව්‍ය නිවාරණ කි‍්‍රයාවලියෙ හි සකී‍්‍රය කොටස්කරුවන් බවට පත් කරන ජාතික මත්ද්‍රවය නිවාරණ සතිය ජනවාරි 21 වනදා සිට 28 වනදා දක්වා කි‍්‍රයාවට නංවා තිබෙන අතර එහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (21) පෙ.ව 9.00 ට මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ දී පැවැත් වේ.
ඒ හා සමගාමීව උතුරේ පාසල්වල සිසු දරුවන් එක් ලක්ෂ පනස්දහසක් උදෑසන ශිෂ්‍ය රැස්වීමේ දී මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ ප‍්‍රතිඥාව ලබාදීමට නියමිතය.
මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය තුළ ජනවාරි 21 වැනිදා මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පන්ති කාමර තුළ දරුවන් දැනුවත් කිරීමේ කි‍්‍රයාකාරකම් ද, ජනවාරි 22 වැනිදා මවුපියන් පාසල වෙත කැඳවා පන්ති මට්ටමින් දරුවන් සමග සිදු කරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ද, ජනවාර 23 වැනිදා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ද සිදු කරනු ලබයි.
ජනවාරි 24 වැනිදා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමේ වැඩසටහන ද, ජනවාරි 25 වැනිදා විවිධ ජනමාධ්‍ය භාවිත කරමින් පාසල් තුළ හා පිටත මත්ද්‍රව්‍ය නිවාරණ පණිවුඩ ප‍්‍රචලිත කිරිම හා ජනමාධ්‍යවේදින් දැනුවත් කිරීමේ වැඩසටහන ද, ජනවාරි 26 වැනිදා ස්වේච්ඡා සංවිධානවල මත්ද්‍රව්‍ය නිවාරණ කි‍්‍රයාකාරකම් ඇතුළු වැඩසටහන් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එමෙන්ම ජනවාරි 27 වැනිදා ආගමික ස්ථාන හා දහම් පාසල් හරහා මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු කි‍්‍රයාවට නැංවෙයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා හඳුන්වාදුන් 1984 ගාස්තු රහිත කෙටි දුරකථන අංකය නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම ද මෙම උත්සවයේ දී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදු වෙයි.
කිලිනොච්චිය හා මුලතිව් දිස්ති‍්‍රක්කවල ගංවතුරෙන් හානියට පත් පාසල් 11 ක ප‍්‍රතිසංස්කරණ කටයුතුවල මූලික වියදම් සදහා මුදල් ප‍්‍රදානය,මුලිත්ව් දිස්ති‍්‍රක්කයේ පානීය ජල පහසුකම් නොමැති පාසල් 13 ක් සඳහා ජල පහසුකම් සපයා ගැනීමට මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම ආදී වැඩසටහන් රැසක් ද කි‍්‍රයාවට නැංවේ.
COMMENTS