‘The Keyboard Warrior’ ලෙස ලෝකයේම ප්‍රසිද්ධියට ලක්ව සිටි ශ්‍රී ලකාවේ ඉර්ෆාන් හෆීස් සිය ජීවිතයෙන් සමුගෙන තිබේ. අද (25) ඔහු මෙසේ ජීවිතයෙන් ස...
‘The Keyboard Warrior’ ලෙස ලෝකයේම ප්‍රසිද්ධියට ලක්ව සිටි ශ්‍රී ලකාවේ ඉර්ෆාන් හෆීස් සිය ජීවිතයෙන් සමුගෙන තිබේ. අද (25) ඔහු මෙසේ ජීවිතයෙන් සමුගෙන තිබේ.
ඉර්ෆාන්ට අවුරුදු 18දී ඔහුගේ සමස්ත මාංශ පේශි පද්ධතියම ගැටලුවකට ලක්විය. ඔහු ‘Duchenne Muscular Dystrophy’ රෝගයෙන් අවුරුදු 04 සිට පෙළී ඇත.
අවුරුදු 18න් පසුව ඉර්ෆාන්ගේ ජීවිතය ඇඳකට පමණක් සීමාවිය. ඒ අනුව අවුරුදු 19ක්ම ඔහු ඇඳක සිය ජීවිතය ගත කළේය.
කෙසේ වෙතත් ඔහුට එක් ඇඟිල්ලක් පමණක් චලනය කිරීමට හැකියාව තිබූ අතර, ඒ හරහා ඔහු ඉංග්‍රීසි භාෂාව ලිවීමටත් කියැවීමටත් පටන් ගත්තේය.
ඒ හරහා දිටම ඔහු ලිවීමට පටන්ගත්තේය. මුලින්ම ලැප්ටොප් පරිගණකයක් ආධාරයෙන් ඔහු ලිවීම සිදු කළ අතර, එය අපහසු වූ විට අයි ෆෝනයක් භාවිතයෙන් ලිවීමට පටන් ගත්තේය.
එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ඉංග්‍රීසි ග්‍රන්ථ අටක් රචනා කර කිරීමට සමත්විය. ඉර්ෆාන්ගේ කතාව බොහෝ දෙනෙකුට අභිප්‍රේරණ චරිතයක් විය. එක් පොතක් රචනා කිරීමට ඉර්ෆාන්ට වසරක පමණ කාලයක් ගතවී තිබේ.
මුලින්ම වෙද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු වසර 18ක් පමණ ජීවත්වනු ඇති බවයි. කෙසේ වෙතත් ඉර්ෆාන් අවුරුදු 37ක් සිය ජීවිතය ගත කළේය.
ඉස්ලාම් භක්තියෙකු වන ඉර්ෆාන් රාමදාන් කාලයේ උපවාස සඳහාද යොමුව ඇති අතර, ඔහු සිය සිවුවැනි ග්‍රන්ථය රචනා කිරීමට සූදානම්ව සිටියේය.
COMMENTS