දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකා ක්‍රිකට්, ඡන්ද ඉලක්ක කර සාමාජික සමාජ වලට මිලියන 338.5ක් දීලා!
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකා ක්‍රිකට්, ඡන්ද ඉලක්ක කර සාමාජික සමාජ වලට මිලියන 338.5ක් දීලා!

PropellerAds

එළැඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ඉලක්ක කර අනුබද්ධ ඡන්ද හිමි ක්‍රීඩා සමාජ සඳහා රුපියල් මිලියන 338.5 ක් බෙදා දී ඇතැයි වාර්තා වේ. තොරතුරු ද...

රට බේරගන්න ඕනෑ... පක්‍ෂය මාරු නොකර ජනපති සමග එක්වෙනවා - වඩිවෙල් සුරේෂ්
දිනේෂ් ෂාෆ්ටර්ගේ අන්තිම කැමැත්තට අවසර ලැබේවිද ?
ගුවන් ප්‍රහාර එල්ල කලොත් ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරනවා – හමාස් සංවිධානය කියයි
එළැඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ඉලක්ක කර අනුබද්ධ ඡන්ද හිමි ක්‍රීඩා සමාජ සඳහා රුපියල් මිලියන 338.5 ක් බෙදා දී ඇතැයි වාර්තා වේ. තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදුකළ විමසීමකට අනුව මේ බව අනාවරණය වී ඇති බව ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් මුල්වරට සිදුකළ ඉල්ලීමෙන් සය මසකට පමණ පසුව මෙම ලිපිලේඛන ජාතික සංවර්ධන කමිටුවේ ප්‍රධානී - කමල් ධර්මසිරි මහතා විසින් ඔවුන් වෙත නිදහස් කළ බව එහි දැක්වේ.

ඉහත සඳහන් මුදල ක්‍රිකට් යටිතල පහසුකම් සංවර්ධනය සිට දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් වැටුප් දක්වා ණය හා ප්‍රදාන ලෙස පසුගිය වසර දෙක තුළදී සිදුකර ඇති වියදම් පමණක් බව වාර්තා වේ.

ශම්මි සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නව විධායක කමිටුවක් පත්වූ 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් මෙලෙස ලබාදී ඇති මුදල රු. මිලියන 125ක් බවත්, එය පසුගිය වසරේදී රු. මිලියන 213.9 ක් ලෙස ඉහළ ගොස් ඇති බවත් එහි දැක්වේ. මෙය, 2019 මූල්‍ය වර්ෂයට සාපේක්ෂව රු. මිලියන 88.9 ක ඉහළ යාමකි.

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසරේ වැඩි කාලයක් පුරාවට ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන් ඇණහිට තිබුණු නමුත් එම අසීරු කාලය තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් එම සාමාජික සංගම් වෙත මූල්‍ය ප්‍රදාන සිදුකර තිබුණි.

ක්‍රිකට් සංවර්ධන අරමුදල් ලෙස පාලක සමාජ 29 අතර රු. මිලියන 35.1 ක් බෙදා දී ඇති අතර, රාගම ක්‍රිකට් ක්‍රිකට් සමාජය, බදුරලිය ක්‍රිකට් සමාජය, ලන්කන් ක්‍රිකට් සමාජය හා නුගේගොඩ ක්‍රීඩා හා සුභසාධන සමාජය වැනි ප්‍රමුඛ පෙළ හා අනුබද්ධ ක්‍රීඩා සමාජ 22 ක් සඳහා ලබාදී ඇත්තේ රු. මිලියන 12.5 ක් පමණක් බවද ‘ද සන්ඩේ ටයිම්ස්’ පෙන්වා දෙයි.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් එම වසරේදී ක්‍රීඩාංගණ, ක්‍රීඩා මණ්ඩප, සමාජ ශාලා, ගෘහස්ථ සංවර්ධනයට යැයි පවසමින් ක්‍රිකට් සමාජ 20 කට රු. මිලියන 116 කට අධික මුදලක් ලබාදී තිබේ. මේ අතරින් දැවැත්තම ප්‍රතිලාභියා බවට පත්වී ඇත්තේ ශම්මි සිල්වා ගේ සභාපතිත්වය යටතේ පවතින කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජයයි (CCC).

ඔවුන්ට ලැබී ඇති මුදල රු. මිලියන 20 ක් වන අතර ඉන් රු. මිලියන 10 ක් ලබාදී ඇත්තේ ණය මුදලක් ලෙසයි. පවතින සමාජ ශාලාව (clubhouse) අලුත්වැඩියා කිරීම සඳහා ඉතිරි රු. මිලියන 10 ක් වෙන් කර ඇත. මෙම කාර්යය සඳහා කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජයට 2019දී ද රු. මිලියන 10 ක් හිමිවී ඇත.

මේ අතර, කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජය, දිඹුල ක්‍රිකට් හා මළල ක්‍රීඩා සමාජය, කොළඹ විශ්ව විද්‍යාලය හා පානදුර ක්‍රිකට් සමාජය යන ක්‍රීඩා සමාජ 4ම සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබා දී ඇත්තේ රු. මිලියන 10 කි.

සාමාජිකත්වය අහෝසි කළ යුතු යැයි බොහෝ දෙනා තර්ක කරනු ලබන දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් මුළුමනින්ම යැපෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් මතයි. ඒ අනුව, මැතිවරණයේදී ඡන්ද අයිතිය භුක්ති විඳින මෙම සුදු අලින්ගේ කුලී ගාස්තු, උපයෝගිතා ගෙවීම් සහ වැටුප් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වගබලා ඇත.

(මූලාශ්‍රය : සන්ඩේ ටයිම්ස්)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකා ක්‍රිකට්, ඡන්ද ඉලක්ක කර සාමාජික සමාජ වලට මිලියන 338.5ක් දීලා!
ශ්‍රී ලංකා ක්‍රිකට්, ඡන්ද ඉලක්ක කර සාමාජික සමාජ වලට මිලියන 338.5ක් දීලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAcPb3NKXIY9ZDRNrnCmmaLuY8lCwlE2z_mDgetsIJIcBQcLAVDxHoqf5K9XG317uR-v_FqXOQtYXN4mQyw48dVQva9wtuflhU3Pg_644CWAV-hv6ek86OXKHi2KAmEEz9NeofXOlGScU/s320/cricknews.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAcPb3NKXIY9ZDRNrnCmmaLuY8lCwlE2z_mDgetsIJIcBQcLAVDxHoqf5K9XG317uR-v_FqXOQtYXN4mQyw48dVQva9wtuflhU3Pg_644CWAV-hv6ek86OXKHi2KAmEEz9NeofXOlGScU/s72-c/cricknews.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/3385.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/3385.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy